ඥානසාර හිමිට රැකවරණය දෙන්නේ ඇමැති චම්පික - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, June 13, 2017

ඥානසාර හිමිට රැකවරණය දෙන්නේ ඇමැති චම්පික

රටේ ජාතික සංහිඳියාවට විරුද්ධව අන්තවාදීව කටයුතු කරන බොදුබල සේනාවේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට රැකවරණය සලසන්නේ ජාතික හෙළ උරුමයේ නායක, අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා බව ලංකා සමසමාජ පක්ෂයේ ප්‍රධාන ලේකම් මහාචාර්ය තිස්ස විතාරණ මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ ඊයේ (12) ආචාර්ය එන්.එම්. පෙරේරා කේන්ද්‍රයේදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි. පුවත්පත් මාධ්‍යවල මෙම හිමි නම සඟවා සිටින්නේ ප්‍රබල දේශපාලඥයෙක් බව විවිධ ප්‍රකාශ නිකුත් වුවත් ඒ කවුරුදැයි නිශ්චිත වශයෙන් ප්‍රකාශ කිරීමක් සිදු නොකළ බැවින් තමා මෙම හෙළි කිරීම සිදු කරන බව සඳහන් කළ ඒ මහතා ඥානසාර හිමි හා ජාතික හෙළ උරුමය අතර කිට්ටු සබඳතාවයක් පවතින අතරම එම හිමි නම මුලින් ජාතික හෙළ උරුමයේ සිටි බව අවධාරණය කළේය.

ඥානසාර හිමි ජාතික හෙළ උරුමයේ කොළඹ දිස්ත්‍රික්කයේ අපේක්ෂකයෙකු ලෙස 2014 වසරේ තරඟ කළ බවද හෙතෙම පෙන්වා දුන්නේය. එමෙන්ම වර්තමාන ජාතික හෙළ උරුමයේ සභාපති වන හැදිගල්ලේ විමලසාර හිමි ද මුල් කාලයේ බොදු බල සේනාව සමඟ සම්බන්ධ වී සිටි බව ද තිස්ස විතාරණ මහතා සඳහන් කළේය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ තිස්ස විතාරණ මහතා මෙසේද පැවැසීය.

“ආණ්ඩුව ජාතික සංහිඳියාවට විරුද්ධව කටයුතු කරන අන්තවාදී කොටස්වලට කිසිදු පියවරක් ගන්නා බවක් අපට පේන්නේ නැහැ. උතුරේ සිවාජිලිංගම් වැනි පුද්ගලයන් සිදුකරන දේවල් සහ දකුණේ බොදුබල සේනාව සිදු කරන අන්තවාදී ක්‍රියාකාරකම්වලට මේ ආණ්ඩුව කිසිම පියවරක් ගන්නෙ නැහැ. අද ගලගොඩඅත්තේ ඥානසාර හාමුදුරුවන්ට නඩුවට පෙනී සිටින්න තියෙනවා. කලින් දෙවතාවක් උන්වහන්සේ නඩුවට පෙනී හිටියෙ නැහැ. පොලිසිය ස්වාමීන් වහන්සේව අල්ලන්න යෙදවලා තිබුණත් අල්ලන්න බැරි වෙලා තියෙනවා.“

“මම දැක්කා පුවත්පත්වල සඳහන් වෙලා තියෙනවා බලගතු ඇමැති කෙනෙක් මේ ආණ්ඩුව තුළම ඉඳගෙන ඥානසාර හිමියන්ට රැකවරණය දෙනවා කියලා. මේ බලගතු ඇමැති ගැන විවිධ නම් ඉදිරිපත් කළාට ඇත්තටම මේ ආකාරයට කටයුතු කරන කෙනාගේ නමක් ඉදිරිපත් කරලා නෑ. නමුත් අපි දන්නවා ඒ පුද්ගලයා කවුද කියලා. ඔහු තමයි ඇමැති පාඨලී චම්පික රණවක. ජාතික හෙළ උරුමයේ නායකතුමා. ජාතික හෙළ උරුමයයි, බොදුබල සේනාවටයි කිට්ටු සම්බන්ධයක් තියෙනවා. 

ඥානසාර හිමියන් මුලින් හිටියෙ ජාතික හෙළ උරුමයේ. උන්වහන්සේ ජාතික හෙළ උරුමයෙන් 2004දී කොළඹ දිස්ත්‍රික්කයෙන් තරග කළා. ඒ වගේම තමයි වර්තමාන ජාතික හෙළ උරුමයේ සභාපති විමලසාර ස්වාමීන් වහන්සේ කලින් බොදුබල සේනාවට සම්බන්ධ වෙලා හිටියා. මෙවැනි කිට්ටු සම්බන්ධයක් ජාතික හෙළ උරුමයටයි, බොදුබල සේනාවටයි තියෙනවා. “ යැයිද තිස්ස විතාරණ මහතා වැඩිදුරටත් පැවසී ය.

හෙළ උරුමයෙන් පිළිතුරු...

කෙසේ වෙතත් ජාතික හෙළ උරුමය සඳහන් කරන්නේ බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්, අමාත්‍ය පාඨලී චම්පික රණවක විසින් සඟවාගෙන සිටින බවට හිටපු අමාත්‍ය මහාචාර්ය තිස්ස විතාරණ සිදුකළ ප්‍රකාශය තරයේ හෙළා දකින බවයි.

No comments:

Post a Comment

Post Bottom Ad