23 හැවිරිදි බොලිවුඩ් නිළියකගේ මළ සිරුර නිවසින් හමුවේ

23 හැවිරිදි ක්‍රිතිකා චෞද්‍රි නමැති බොලිවුඩ් නිළියකගේ මළසිරුරක් ඉන්දියාවේ සුබුර්බන් අන්දීරිහි ඇගේ නිවසේදී හමුවී තිබේ. අධික දුර්ගන්ධයක් පවතින බවට අසල්වාසීන්ගේ පැමිණිල්ල මත පොලිසිය විසින් ඇය වාසය කළ නිවසේ දොරගුළු කඩා විවර කර බැලීමේදී සිරුර ඊයේ (12) හමුවී තිබේ.

මෙය ඝාතනයක් වියහැකි බවට පොලීසිය සැක කරනඅතර ඝාතනය සිදුවී දින තුනක් හෝ හතරක් ගතව ඇති බවද සැක කරයි.

අම්බෝලි පොලිසිය පවසන්නේ තවමත් මිනීමරුවා හඳුනාගෙන නොමැති බව ය.

ක්‍රිතිකා චෞද්‍රි, හරිද්වාර්හි සිට පැමිණ රංගන වෘත්තීයේ නිරත වූ අතර වාසය කළේ මහල් නිවාසයක තනිවමය. මෑතකදී කන්ගනා රනෝත් සමග රඟපෑ ‘රජ්ජෝ’ නිසා ඇය ගැන කථාබහක් ඇතිව තිබුණි.







Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment