මහාමාර්ග - උසස් අධ්‍යාපන ඇමතිධූර එක්කළේ පාරේ ගොස් සරසවි යන්න වෙන නිසාලු - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, June 8, 2017

මහාමාර්ග - උසස් අධ්‍යාපන ඇමතිධූර එක්කළේ පාරේ ගොස් සරසවි යන්න වෙන නිසාලු

ඇමති මණ්ඩල වෙනස කළේ විද්‍යාත්මකවයි මහාමාර්ග - උසස් අධ්‍යාපන ඇමතිධූර එක්කළේ පාරේ ගොස් සරසවි යන්න වෙන නිසා -සම කැබිනට් ප්‍රකාශක දයාසිරි

කැබිනට් තීරණ දැනුම්දීමට අදාළ මාධ්‍ය හමුවට මේ දක්වා රාජිත සේනාරත්න ඇමතිවරයා ශ්‍රිලනිපය වෙනුවෙන් පැමිණි අතර පසුගියදා ප්‍රචාරය වූයේ ඔහුව පක්ෂය අභ්‍යන්තරයෙන් විවේචනයට ලක්කරන ලද නිසා ඔහු වෙනුවට ඇමති දයාසිරි ජයසේකර පත්කරන ලද කතාවකි.නමුත් සැබෑ ලෙසම සිදුව ඇත්තේ දෙදෙනාම සම ප්‍රකාශකයින් කර එකට තබා රැස්වීම ගෙනයාමය. 


මෙම වෙනසින් පසු කැබිනට් තීරණ මාධ්‍ය හමුව අර්ථාන්විත වෙනසකට ලක්වනු ඇතැයි බලාපොරොත්තුවක් ඇති වූවද ඊයේ පැවති මාධ්‍ය හමුවේදී මේ දෙදෙනාම එක්වී සැපයූ ‘විනෝදය‘  එම බලාපොරොත්තු සුන් කර තිබෙන බව දේශපාලන විචාරකයින්ගේ අදහසයි. මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදී අසාම් අමීන් ඇමති මණ්ඩල සංශෝධනය පිළිබඳ විමසු ප්‍රශ්න වලට ඔවුන් ලබාදුන් පිළිතුරු නිසා මෙම අමුතු විනෝදය ඇති විය.  

මෙතරම් ඇමතිවරු ඇයි යන පැනය විමසූ අවස්ථාවේ රට යුද්ධයෙන් නිදහස් කළ පසු ආණ්ඩුවේ ප්‍රධාන අරමුණ රට සංවර්ධනය කිරීම බැවින් ඒ සඳහා වැඩි පිරිසක් ඇමතිවරුන් ලෙස පත් කිරීමේ වරදක් නොමැති බව වරක් ඇමති රාජිත කීවේය. අලුත් ඇමතිවරුන්ට අමතරව කෝටි ගණන් වැය කරන්න සිදුවනවා නොවේදැයි ඇසූ විට ඇමති දයාසිිරි කිව්වේ හවුල් ආණ්ඩුුවේ කොන්දේසි අනුව හිමි ඇමතිධූර අගයන් ප්‍රමාණය මත පමණක් වෙනස්කම් කළ නිසා අමතර ඇමතිධූර නැති බවයි. 

රටට විශාල ආයෝජනයක් එක් ඇමතිවරයෙකු හෝ ගෙන එනවා නම් එම කෝටි ගණනක වියදම සමහරවිට ගණන් ගත යුතු නැති බවද ඇමති රාජිත පැවසීය. විද්‍යානුකූලව ඇමතිධූර පිරිනමන බවට යහපාලන පොරොන්දු තිබියදී විදේශ-ජනමාධ්‍ය විෂය දෙක එකට ගත්තේ ඇයිදැයි විමසීමක් කළ අතර එහිදි රාජිත හා දයාසිරි දෙදෙනාම එක්වී උත්තර සපයා තිබුණි. මුදල් අමාත්‍යාංශය රට ආර්ථික සංවර්ධනය කරන බැවින් එයට පුළුල් ප්‍රචාරයක් මාධ්‍ය තුළින් ලබාගන්නට එසේ කළ බව රාජිතගේ උත්තරය විය.

 මහා මාර්ග සහ උසස් අධ්‍යපනය අතර සම්බන්ධතාවය කුමක්ද යන්න මාධ්‍ය ප්‍රශ්න කළ අතර එයට පිලිතුරු ලෙස රාජිත සේනාරත්න අමාත්‍යවරයා පැවසුවේ එකක් ‘උසස්‘අනික ‘මහා‘ බවයි. දයාසිරි ජයසේකර කිව්වේ විශ්ව විද්‍යාලවලට ඇතුලු වීමට මහා පාරේ යායුතු නිසා එසේ කළ බවයි.


No comments:

Post a Comment

Post Bottom Ad