නන්දිකඩාල් කළපුව හා වට්ටුවාවෙල් කළපුවේ මසුන් මියයාමට හේතුව ජලයේ උෂ්ණත්වය ඉහළ යාම බව අනාවරණය වී තිබේ.
පවතින වියළි කාලගුණික තත්ත්වයත් සමග මෙම තත්ත්වය හටගෙන ඇති බව නාරා ආයතනයේ පරිසර අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ ආචාර්ය නිරෝෂන් වික්‍රමාරච්චි මහතා පැවසීය. නන්දිකඩාල් කළපුවේ සහ ඒ ආශ්‍රිත කළපුවක විවිධ වර්ගවල මසුන් දහස් ගණනක් පසුගිය දිනවල හදිසියේ මියගොස් තිබුණි. මේ පිළිබදව නාරායතනයේ පාරිසරික අංශයේ පිරිසක් විසින් විශේෂ පරික්ෂණයක් පවත්වා තිබේ.
එම පරීක්ෂණයට අනුව අදාළ මසුන් මියයාමට හේතුව අනාවරණය වු බව ආචාර්ය නිරෝෂන් වික්‍රමාරච්චි මහතා සඳහන් කළේය. කෙසේ වෙතත් මෙම තත්ත්වය වාර්ෂිකව දැකිය හැකි තත්ත්වයක් බව ආචාර්ය නිරෝෂන් වික්‍රමාරච්චි මහතා වැඩිදුරටත් කියා සිටියේය

No comments:
Post a Comment