අජිත් පෙරේරා අනවසරයෙන් කුඹුරක් ගොඩකර පෙට්‍රල් ෂෙඩ් හදයි-නිලධාරීන්ට බැන සංවර්ධන රැස්වීමෙන් පිටවයයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, June 17, 2017

අජිත් පෙරේරා අනවසරයෙන් කුඹුරක් ගොඩකර පෙට්‍රල් ෂෙඩ් හදයි-නිලධාරීන්ට බැන සංවර්ධන රැස්වීමෙන් පිටවයයි

පසුගිය සිකුරාදා බණ්ඩාරගම ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ පැවති සම්බන්ධීකරණ කමිටුවේ රැස්වීමේදි සිදුවු උණුසුම් වචන හුවමාරුවකින් පසු විදුලිබල හා පුනර්ජීවයනීය නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ අජිත් සි පෙරේරා මහතා ඉඩම් විමර්ශන නිලධාරියාට බැන වදිමින් රැස්වීම්ශාලාවෙන් පිටව ගිය බව මේ ලංකාදීප පුවත්පත වාර්තා කොට ඇත.

මෙම සම්බන්ධීකරණ කමිටු රැස්වීමේ සම සභාපතිත්වය නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ අජිත් සී පෙරේරා සහ ජාතික ලැයිස්තු මන්ත්‍රී මලිත් ජයතිලක හොබවයි. යොවුන් සේනාංකයක් පිහිටුවීමට දැනට බණ්ඩාරගම ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ පිහිටි ප්‍රාදේශිය ලේකම්ගේ නිල නිවස ලබා ගැනීමට නියෝජ්‍ය අමාත්‍ය අජිත් සී පෙරේරා යෝජනාවක් ගෙන ආහ. 


එහෙත් එහි නිත්‍යානුකූල තත්වය බණ්ඩාරගම ප්‍රාදේශිය ලේකම් කේ ඩි එස් සජීවනි මහත්මිය පැහැදිලි කිරීම සමඟම එම යෝජනාවට කමිටුවේ සම සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මලිත් ජයතිලක මහතා ද එකඟතාවය පල කොට යෝජනාවක් ගෙන ආ බැවින් එහි පැමිණි සිටී සියලුම රාජ්‍ය නිලධාරින් එක හඩින් මන්ත්‍රීවරයාගේ පැහැදිලි කිරීම අනුමත කරමින් රැස්වීමශාලාව දෙදරා යන ආකාරයෙන් අත්පොලසන් දුන්හ.

එහිදි නියෝජ්‍ය අමාත්‍යවරයා කුඹුරු ඉඩමක් ගොඩකර අනවසරයෙන් පෙට්‍රල් ෂෙඩ් එකක් හැදීම සම්බන්ධ කරුණු එම රැස්වීමේදි කතාබහට ලක්වු අතර එය සම්බන්ධ කරුණු පැහැදිලි කිරීමට ඉඩම් විමර්ශන නිලධාරි ටෙෂාන් අමිල මහතාට සිදුවිය. නියෝජ්‍ය අමාත්‍යවරයාගේ විමසුමකට පිලිතුරු දෙමින් ඔහු පැවසුවේ එම නඩුව ප්‍රදේශිය ලේකම්ට ඉල්ලා අස්කරගන්න ඉඩ සැලස්සුවා ඇරෙන්න නඩුව පැරදුනේ නැති බවයි. 


එම නිලධාරියාගේ අදහස් ප්‍රකාශ කිරීමත් සමඟ උරණ වූ නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ අජිත් සි පෙරේරා මහතා ඉඩම් විමර්ශන නිලධාරියාට බැන වදිමින් රැස්වීම්ශාලාවෙන් පිටව ගියහ. එහෙත් අදටත් බණ්ඩාරගම සිට පානදුර දෙසට ගමන් කරන විට බණ්ඩාරගම නගරයට ආසන්නව පිහිටුවා ඇති විශාල පෙට්‍රල් ෂෙඩ් එක ගැන ජනතාව පවසනුයේ මීට පෙර තිබුනු කුඹුරු ඉඩමක් ගොඩකර වර්තමාන විදුලිබල හා පුනර්ජීවයනීය නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ අජිත් සි පෙරේරා මහතා විසින් මහා පරිමාණ පෙට්‍රල් ෂෙඩ් එක ඉදිකොට පවත්වාගෙන යන බවයි.

harigossip.com

No comments:

Post a Comment

Post Bottom Ad