විකෘති කළ නෝට්ටු භාර ගැනීම මහ බැංකුව නවත්වයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, June 16, 2017

විකෘති කළ නෝට්ටු භාර ගැනීම මහ බැංකුව නවත්වයි

විකෘති කරන ලද, වෙනස් කරන ලද හෝ හානි කරන ලද මුදල් නෝට්ටු මෙම වසරේ දෙසැම්බර් 31 වනදායින් පසු භාර නොගන්නා බව  ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් මහ බැංකුව සඳහන් කරන්නේ ව්‍යවහාර නෝට්ටු විකෘති කිරීම, වෙනස් කිරීම හා හානි කිරීම දඩුවම් ලැබිය හැකි වරදක් බවයි. ඒ අනුව, මුදල් නීති පනත යටතේ සිරගත කිරීම හෝ දඩ මුදලකට යටත් කිරීම හෝ එම දඩුවම් දෙකම ලබා දිය හැකියි.

හානියට පත් මුදල් නෝට්ටු ශ්‍රී ලංකා මහ බැංකුව භාරයේ රඳවා තබා ගන්නා අතර ඒ සඳහා කිසිදු ගෙවීමක් ද නොකරන බව සඳහන්. ඒ අනුව, විකෘති කරන ලද, වෙනස් කරන ලද හෝ හානි කරන ලද මුදල් නෝට්ටු ඇත්නම් කඩිනමින් බලපත්‍ර ලාභී වාණිජ බැංකු ශාඛාවන් සමග හුවමාරු කරගන්නා ලෙසට ශ්‍රී ලංකා මහ බැංකුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

No comments:

Post a Comment

Post Bottom Ad