ආසිරි රෝහලේ හොර ස්පීච් තෙරපිස්ට්ලා ? (හඬපටය) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, June 26, 2017

ආසිරි රෝහලේ හොර ස්පීච් තෙරපිස්ට්ලා ? (හඬපටය)

කොළඹ ආසිරි මෙඩිකල් රෝහලේ චැනලින් සේවාවන් පවත්වනු ලබන කථන චිකිත්සකවරුන්ගේ (Speech therapist) සුදුසුකම් පිළිබඳ තොරතුරු අදාළ රෝහල හෝ නොදන්නා බව එම චැනලින් සේවාවේ සහය ලබා ගැනීමට අප ලබාදුන් දුරකථන ඇමතුමකින් හෙළිකර ගැනීමට හැකි විය.

කථන චිකිත්සකවරයකුගේ (Speech therapist) සහය ලබා ගැනීමට ආසිරි මෙඩිකල් රෝහලට දුරකථන ඇමතුමක් ලබාදුන් විට දුරකථන සහයිකාව කියා සිටින්නේ කථන චිකිත්සකවරයන් ලෙස ජයමාලි රූපසිංහ, සමන්ති කළුපහන හා දොස්තර ශලිනි වික්‍රමසූරිය යන අය චැනල් සේවාවන් සපයන බවයි. ඔවුන් ආසිරි සර්ජිකල් හි චැනල් සේවාවන් සපයන බවද ඇය කියා සිටී.

ඉන්පසුව ඇය කියා සිටින්නේ ආසිරි මෙඩිකල් රෝහලේද චැනලින් සිදුකරන කථන චිකිත්සකවරුන් සිටින බවත්, ඒ මල්කා ජයතිලක, නයෝමි ජයවර්ධන, ස්වර්ණා ජයවර්ධන හා ඉවෝනි වීරසිංහ යන අය බවයි. මල්කා ජයතිලක රිඡ්වේ ආර්යා ළමා රෝහලේ සේවය කරන බවද කියා සිටී.

මේ අතරින් කිසිවකු රෙකමදාරු කළ නොහැකි බවද එම රෝහලේ දුරකථන සහයිකාව කියා සිටී. නයෝමි ජයවර්ධන අඟහරැවාදා පෙරවරු 9.00ටත්, ඉවෝනි වීරසිංහ බදාදා හා සිකුරාදා සවස 4.00ටත් ස්වර්ණා ජයවර්ධන අඟහරුවාදා 3.30ටත් චැනලින් සේවාවන් පවත්වන බවද ඇය සඳහන් කරයි. ඉවෝනි ද රිඡ්වේ ආර්යා ළමා රෝහලේ දොස්තරවරියක් බව ඇය කියා සිටී.

කැලණියෙත් හොර ගුහාවක් !

කෙසේවුවද ස්වර්ණා හා නයෝමි යන දොස්සතරලා සේවය කරන රෝහලක නම් දී නොමැති බව ඇය වැඩිදුරටත් සඳහන් කරයි. මොවුන් දොස්තරලා ලෙස ඇඟවීමට දුරකථන ක්‍රියාකරවණ්නිය උත්සාහ ගත්තද, නයෝමි හෝ ස්වර්ණා දොස්තරලා නොවන බව අපට හෙළිකරගත හැකි විය. එසේම ආසිරි රෝහලේ දුරකථන ක්‍රියාකරවන්නිය කියා සිටින්නේ නයෝමි හා ස්වර්ණා පුද්ගලිකව පුහුණුවන අය (private practice) විය හැකි බවයි. 


ඔවුන් දන්නා එකම තොරතුර එය බවද ඇය කියා සිටී. අප හෙළිකරගත් කරුණු අනුව ස්වර්ණා හා නයෝමි නැන්දම්මා හා ලේලියයි. මේ දෙදෙනා චැනලින් සේවාව ලබාදීමට වෙනත් වෛද්‍යවරුන් අයකරනු ලබන මුදල වන රුපියල් 1,650 ක්ම අයකරන බවද වාර්තා වේ. ස්වර්ණා, කැලණිය, වරාගොඩ ප්‍රදේශයේ පෙර පාසලකට අනුමැතිය ලබාගෙන විශේෂ අවශ්‍යතා සහිත දරුවන් සඳහා පාසලක් පවත්වාගෙන යන බවත් පැවසේ.

එම ආයතනයේ සේවයකර ඉන් ඉවත්වගිය ගුරුවරින් අර්ථසාදක නොගෙවූ බවට ආදායම් බදු දෙපාර්තමේන්තුවට පැමිණිළි කිරීම නිසා මේ අයතනය කිහිපවිටක් ආදායම් බදු දෙපාර්තමේන්තුව විසින් වටලා ඇති බවද වාර්තා වේ. එම ආයතනයට ඇගෙන් සේවාව ලබා ගැනීමට පැමිණෙන විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගෙන් පැයකට රුපියල් 1,500ක මුදලක් අයකරන බවද වාර්තා වේ.

හඬපටය පහත දැක්වේ,


 
Source : infosrilankanews.com

No comments:

Post a Comment

Post Bottom Ad