ශ්‍රීලනිප ඇමැතිවරු පිරිසක් බැසිල් සමග රහස් කතා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, June 26, 2017

ශ්‍රීලනිප ඇමැතිවරු පිරිසක් බැසිල් සමග රහස් කතා

මැතිවරණ සිතියම ඇකිළීමට වත්මන් ආණ්ඩුව විසින් දරණු ලබන උත්සාහයට තමන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලෙස කිසිසේත් ඉඩ නොදෙන බවත් වත්මන් රජයේ තනතුරු දරන මැති ඇමැති මට්ටමේ බහුතරයක් දෙනා මේ වන විට තමන් සමඟ තීරණාත්මක ලෙස එක්වීමේ සූදානමක සිටින බවත් හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.

පසුගිය රජය අවධියේ ද මැතිවරණ සිතියම හැකිළීමට සහ අවශ්‍ය පරිද්දෙන් වෙනස් කර ගැනීමට උත්සාහ කෙරූ නමුත් ඒවා ද අසාර්ථක වූ බව කී බැසිල් රාජපක්ෂ මහතා “අපේ කට්ටියක් ඕව කරන්න හැදුවා. හැබැයි සාර්ථක වුණේ නැහැයි” කියා කියා සිටියේය. තමන් මැතිවරණ කොමිසම සම්බන්ධව අඛණ්ඩ විශ්වාසයක් තබාගෙන සිටින බව ප්‍රකාශ කළ ඔහු ආණ්ඩුවේ රණ්ඩුව ඇවිළී ඇත්තේ කුඩු සහ වැලි ජාවාරම් අරබයා බව ද ජනවාරි 08 සිදු වූ එකම විප්ලවය රට ආපස්සට යාම බව ද පැවසීය.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්ෂයේ නියෝජිතයන්ගේ සාකච්ඡාවක් පසුගිය සතියේ දී ජනපති මෛත්‍රීපාල සිරිසේන හා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගිත්වයෙන් පවත්වා තිබූ අතර එහි දී පළාත් පාලන මැතිවරණ පමණක් නොව පළාත් සභා මැතිවරණ ද කල් දැමීමට අගමැතිවරයා එකඟතාව පළ කර තිබූ බව වාර්තා විය.

(සත්හඬ)

No comments:

Post a Comment

Post Bottom Ad