ඔහු සහ බිරිඳ ඉතා සාමකාමි හොඳින් එකිනෙකා අවබෝධ කරගත් යුවලක්. ඔවුන් දෙදෙනා කිසිම පිටස්තර පුද්ගලයින් සමඟ ලිංගික සම්බන්ධතා නොපැවත්වූ යුවලක්. එක දරුවෙකුත් සිටින ඔවුන් ඉතා සතුටින් ජිවිතය ගත කරමින් සිටියත් චමින්දට අවුරුදු උත්සවයකදී තවත් තරුණයින් පච්චා කොටා ගන්නා දකින විට ඇති වෙන ආසාවක් නිසා මුලු ජිවිතයම කණපිට හැරෙනවා.
ඔහු පච්චා කොටා ගන්නේ සිය බිරිඳගේ නම, ඒ ඇයට ඇති ආදරය නිසා. ඇයත් එයට විරුද්ධත්වයක් පාන්නෙත් නෑ.. මෙම සිදුවීම සිදුවන්නෙ දැනට අවුරුදු 8 කටත් වඩා ඈත අතීතයෙ.. දැනට අවුරුදු 2ක පමන සිට චමින්ද මුහුණ දෙන නොයෙකුත් ශාරිරික අපහසුතා. නොයෙකුත් රෝග ල්ක්ෂණ, ශරීරය ඉතාම වේගයෙන් වැහැරී යාම, හති රෝගය, වැනි සංකිර්ණ රෝග තත්වයක් නිසා රෝහල් ගත වී පරීක්ෂණ කරමින් රෝගය සොයා ගැනීමට වෙහෙසෙනවා.
ඒ අතර දැනට මාස 6 කට පමණ පෙර වෛද්‍ය පරීක්ෂන අනුව තහවුරු කරගන්නවා ඔහු එච් අයිවී ආසාදිතයෙක් බවට සහ දැන් ඔහු ඒඩ්ස් රෝග තත්වයට පත් වී ඇති බව.. ඔහුගේ බිරිඳ ඔහුව අවබෝධ කරගෙන සිටියත් ඔහුට රෝගය පැමීනි තැන ගැන නොදන්නා නිසා. ඔවුන්ම රෝගය ඒමට ඉඩ ඇති සැක තැන් ගැන හිතන්න පටන් ගන්නවා. වෛද්‍යවරුන්ගේ ප්‍රශ්ණ කිරිම් වලදි ඔහුට මතක් වෙනවා අතේ ගහපු පච්චය පිළිබඳව..
වෛද්‍යවරුන්ගේ අනුමානය අනුව ඔහුට එච්. අයි වී ආසාදනය වී ඇත්තේ සෞඛ්‍යාරක්ෂිත නොවූ ක්‍රමයකට පච්චා කොටා ගත් අවස්ථාවේ පච්චය කෙටීම සඳහා කීප දෙනෙක්ම වෙනුවෙන් යොදාගත් උපකරණයක් නිසා බවය.. චමින්ද පවසන පරිදි දැනට අවුරුදු 8 කට පමණ පෙර ඔහු අවුරුදු උත්වයක් අවස්ථාවක පච්චා කොටාගන්නා අවස්ථාවේ ඔහුත් සමඟම එකම මොහොතේ තවත් තරුණයක් තිදෙනෙක්ම පච්චා කොටාගත් බවය..
ඔවුන් ලංකාවේ කිනම් හෝ ප්‍රදේශයක වෙසෙනවා වෙන්නට පුලුවන. ඔවුන් එච් අයි වී ආසාදිත වුවත් රෝගය නොවැලඳි තවත් නිරෝගි පුද්ගලයින්ට වයිරසය බෙදා හරිනවා වෙන්නටත් පුලුවන. ඔබ හෝ ඔබගේ මිතුරකු , මිතුරියක අනාරක්ෂිත ක්‍රමයකට පච්චයක් කොටාගෙන ඇත්නම් ඔහු හෝ ඇයව දැනුවත් කරන්න. ඔවුන්ගේ ආරක්ෂාවට ලේ පරීක්ෂාවකට යොමු වන ලෙස කාරුණිකව දන්වන්න. ඔබ නම් චමින්ද සමඟ පච්ච කොටාගත් අනෙක් තරුණයන්ගෙන් එකෙකු, ඔබ අවදානම් ලිස්ට් එකේ බවත් සිහි තබා ගන්න. තව දුරටත් එච් අයි වී ආසාදනය වන්නේ අනාරක්ෂිත ලිංගික හැසීරීම් වලින්ම පමණක් නොවෙන බව සිහි තබාගන්න..
Thursday, June 8, 2017
අතේ කොටාගත් පච්චය නිසා AIDS හැදුන චමින්ද!
Tags
# ආරක්ෂක පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
ආරක්ෂක පුවත්
Labels:
ආරක්ෂක පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment