ශ්‍රී ලන්කන් තවත් පල්ලම් බහී.. ලෝකයේ 67 සිට 81ට ඇද වැටේ.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, June 21, 2017

ශ්‍රී ලන්කන් තවත් පල්ලම් බහී.. ලෝකයේ 67 සිට 81ට ඇද වැටේ..

ස්කයි ට්‍රැක්ස් වාර්ෂික ගුවන් සේවා වර්ගීකරණ වැඩසටහන මේ වන විට පැරිස් ගුවන් ප්‍රදර්ශනයට සමගාමීව ප්‍රංශයේදී පැවැත්වින. නිකුත්වී ඇති තොරතුරු වලට අනුව ගියවර 67 තැන සිටි ශ්‍රී ලංකන් ගුවන්සේවය මෙවර ස්ථාන 14ක් පල්ලම් බසිමින් 81 වන ස්ථානයට පත්ව තිබේ.

නව රජය බලයට පත්වීමෙන් පසු නව අධ්‍යක්ෂක මණ්ඩලයක් යටතේ ගුවන් සමාගම ක්‍රියාත්මක වූ අතර අත්ව ඇති ප්‍රතිඵලයෙන් පෙනී යන්නේ එහි කිසිදු බලපෑමක් සිදුවී නැති බවයි. සමාගම විසින් අලාභය අඩු කර ගත්තද පහසුකම් සැලසීම අතින් ප්‍රමාණවත් බලපෑමක් සිදුනොවීම හේතුවෙන් මෙසේ දැඩි පසුබෑමකට ලක්ව ඇත.

එහිදී කටාර් ගුවන්සේවය දැඩි ගැටළුකාරී තත්වයක් යටතේ වුවද ප්‍රථම ස්ථානයට පත්ව ඇත. එහිදී සිංගප්පූරු ගුවන්සේවය දෙවන තැනත් ජජාන ඕල් නිපෝන් ගුවන්සේවය තෙවන තැනටත්, එමිරේට්ස් ගුවන්සේවය සිව්වන තැනට සහ කැතේ පැසිෆික් ගුවන්සේවය පස්වන තැනත් ලබාගෙන ඇත.

– රෝහන


 

No comments:

Post a Comment

Post Bottom Ad