ප්‍රශ්න තුනකට විසදුම් ඉල්ලා ආණ්ඩුවට දින 5 ක් කල් දෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, June 12, 2017

ප්‍රශ්න තුනකට විසදුම් ඉල්ලා ආණ්ඩුවට දින 5 ක් කල් දෙයි

ගොවීන්ට බලපෑ ප්‍රධාන ප්‍රශ්න තුනකට කඩිනමින් රජයේ අවධානය යොමු විය යුතු බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා පවසයි.

මේ ගැටළුව ඉදිරිපත් කිරීම සඳහා මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවක් පසුගිය 10 දින දඹුල්ලේ දී පැවතිණි. මෙම මාධ්‍ය සාකච්ජාවට බඩඉරිඟු ගස්,ගොයම් ගස්,රට හාල් හා හිස් උර රැගෙනවිත් තිබීම විශේෂත්වයක්ද විය. කරුණාරත්න මහතා ප්‍රකාශ කළේ පසුගියදා ඇති වූ හදිසි ආපදා තත්වය තුළ අනෙකුත් විනාශයන් ගැන රජය අවධානය යොමු කළත් වගා විනාශය ගැන අමතක කර ඇති බවත් එමෙන්ම මෙම වගා විනාශයන්වලට වන්දි ලබා දිය යුතු බවත් ය.

රට පුරා වී වගාව ආරම්භ වී ගොයමට පළාත් අනුව වැපිරීමේ සිට පැළ ගොයමට දින 45 පවා ගත වී ඇතත් මෙතෙක් සහනාධාර පොහොර මුදල් ලැබී නැති බවත් ඔහු ප්‍රකාශ කළේය.එමෙන්ම ඉදිරි දින 5 ඇතුලත එම ගෙවීම නොකළහොත් අම්පාර නගරයේ විරෝධතාවක් ආරම්භ කරන බවත් සඳහන් කර ඇත. වී වගාව අඩුකර ඇමතිවරයාගේ ඉල්ලීම පරිදි වගාකළ බඩඉරිඟු කරල් ගස් පිටින් කිලෝවක් රුපියල් අටකට අලෙවි කරන බවත් නාමල් මහතා තව දුරටත් ප්‍රකාශ කළේය.

(දඹුල්ල - කාංචන කුමාර)  

No comments:

Post a Comment

Post Bottom Ad