ඥාණසාර හිමි ගැන පොලිස්පති කතා කරයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, June 12, 2017

ඥාණසාර හිමි ගැන පොලිස්පති කතා කරයි

ආගම්වාදය හෝ ජාතිවාදය පතුරන ඕනෑම අයෙකුට විරුද්ධව දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමට  සියලුම නිලධාරීන්ට අවශ්‍ය උපදෙස් ලබා දී ඇති බව පොලිස්පති පූජිත ජයසුන්දර මහතා ප්‍රකාශ කර ඇත.

පොලිස්පතිවරයා මේ බව කියා සිටියේ පසුගිය 08 වනදා වව්නියාව පෙරිය උළුක්කුලම සිරි සුමනාරාම විහාරයේ උත්සවයකට සහභාගී වෙමිනි. මෙහිදී පොලිස්පතිවරයා ආගම්වාදී ගැටළුව සම්බන්ධයෙන් මාධ්‍යට අදහස් දක්වමින් කියා සිටියේ ගිනි තැබීමක් වාර්තා වී ඇති බවත් රටේ කුමක් හෝ සිදුවීමක් වූ විට ආගම්වාදී කියන ගිණුමට බැර වන බවත් එවැනි දේ සම්බන්ධයෙන් නීතිය තදින් ක්‍රියාත්මක කරන බවත්ය.

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අත්අඩංගුවට ගැනීමේ පරීක්ෂණ කටයුතු සම්බන්ධයෙන් විමසීමේදී කියා සිටියේ උසාවි නියෝගයක් ලබා ඇති බවත් ඒ අනුව පරීක්ෂණ කටයුතු සිදු කෙරෙන බවත් ඒ සඳහා කණ්ඩායම් කිහිපයක් යොදවා ඇති බවත් ය. 

කිලිනොච්චිය පලෙයි ප්‍රදේශයේ දී පොලිස් රථයකට වෙඩි තැබීම සම්බන්ධයෙන් විමසීමේදී පොලිස්පතිවරයා ප්‍රකාශ කර සිටියේ මෙම සිදුවීම එල්.ටී.ටී.ඊය කළා යන්නට කිසිම සාක්ෂියක් නොමැති බවත් මෙය හුදෙක්ම කඩාකප්පල්කාරී ක්‍රියාවක් බවත්ය.ඒ පිළිබඳව වෙනම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඒ වගේම ත්‍රස්‌තවාදී විමර්ශන කොට්ඨාශයෙන් වෙනමම පරීක්ෂණයක් සිදු කරන බවත් තවදුරටත් කියා සිටියේය.

(වන්නි - රොමේෂ්)

No comments:

Post a Comment

Post Bottom Ad