නාගදීපයට ගිය තරුණයන්ට කිලිනොච්චියේදී මැර කල්ලියක් පහර දෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, June 12, 2017

නාගදීපයට ගිය තරුණයන්ට කිලිනොච්චියේදී මැර කල්ලියක් පහර දෙයි

යාපනය නාගදීපයට යමින් සිටි තරුණයන් ගමන් ගත් යතුරුපැදි කිහිපයකට කිලිනොච්චිය නගරයේදී තියුණු ආයුධ සමඟ පැමිණි පිරිසක් විසින් පහර දී පලා ගොස් ඇති බව කිලිනොච්චි පොලීසිය කියා සිටියේය.

මෙම තරුණ පිරිසට පසුගිය 09 වනදා එක් වරම පැමිණි පිරිසක් යතුරුපැදි නවතා පහර දී ඇති අතර අදාළ පහර දීමෙන් තරුණ පිරිසට හානියක් නොකර යතුරුපැදිවලට අලාභ හානි කොට පලා ගොස් ඇති බව වාර්තා වේ.

කෙසේ වෙතත් අදාළ පහර දීම කුමන හේතුවක් සම්බන්ධයෙන්ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති අතර පහර දුන් පිරිස කවුරුන්ද යන්න මෙතෙක් අනාවරණය වී ඇත.පහර දුන් පිරිස සොයා පරීක්ෂණ ආරම්භ කොට ඇති බවද කිලිනොච්චිය පොලීසිය පැවසීය.

(වන්නි රොමේෂ්)

No comments:

Post a Comment

Post Bottom Ad