කළුබෝවිල රෝහලට අල්ලපු වැටේ කෝටි 25 ඉඩම රෝහලට දන්දුන් අක්ක නගෝ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, June 14, 2017

කළුබෝවිල රෝහලට අල්ලපු වැටේ කෝටි 25 ඉඩම රෝහලට දන්දුන් අක්ක නගෝ

දකුනු කොළඹ ශික්ෂණ රෝහල හෙවත් කළුබෝවිල
රෝහලට පිටුපසින් පිහිටි

පර්චස් 40 ක ඉඩමක් එම ඉඩමේ අයිතිය තිබුණ අය විසින් රෝහලට නොමිලේ පරිත්‍යාග කර තිබේ.

දෙහිවල, කලුබෝවිල, රෝහල පාර අංක 205 දරන ස්ථානයේ නැසීගිය ගල්ගෙවල ගෙදර චන්ද්‍රාවතී ෆොන්සේකා මහත්මියට සහ ඉන්ද්‍රානි ද කොස්තා සහ කමලා ද කොස්තා යන මව හා දියණියට එය අයිතිව තිබුනි. 

මව ජීවතුන් අතර නැති අතර ඊට අදාළ ඔප්පුව ඉන්ද්‍රානි ද කොස්තා සහ ඇගේ සොයුරිය වන කමලා ද කොස්තා යන මහත්මීන් ඊයේ (13දා) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත භාර දී තිබෙනවා. කෝටි 25 ක පමණ වටිනාකමින් යුත් පර්චස් 40 ක ඉඩම කලුබෝවිල ශික්ෂණ රෝහලේ ඉදිරි නවීකරණ කටයුතු සඳහා යොදාගනු ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad