හදිසියේ හමුවූ පෙම්වතිය, පෙම්වතාට කළ දේ


ඉන්දියාවේ ජිවත්වන රාජ්කුමාර් ට සුස්මිතා ව මුණගැහෙන්නේ යහළුවෙක් පිටරට යාම වෙනුවෙන් පවත්වපු සමුගැනීමේ සාදයකදී. ඒ සාදය තිබ්බ අවන්හලට සුස්මිතාත් ඇවිත් ඉන්නවා. මේ සාදය ඉවරවෙන්න කළින් මේ දෙන්න පෙම්වතුන්  වෙනවා. ඒ වගේම මේ දෙන්න දුරකථන අංක හුවමාරු කරගන්නවා. පහුවදාම සුස්මිතා රාජ්කුමාර්ට කියනවා ඇවිල්ල තමන්ගේ ගෙදර අයව හමුවෙන්න කියල.

හැබැයි රාජ්කුමාර් එකඟ වෙන්නේ නැහැ. එතකොට සුස්මිතා කියනවා ඔහු ආවේ නැත්නම් තමන් දිවි නසා ගන්නවා කියල. ඉතින් රාජ්කුමාර් යනවා. ගෙදර ගිය ගමන්, සුස්මිතාගේ ගෙදර අය ඔහුව අල්ලලා ගැට ගහනවා. ඉන් පස්සේ ඔහුව නිරුවත් කරලා, හිස කෙස් කපල, පහරදෙනවා. සුස්මිතාව තමන් දුෂණය කළ බව පිළිගන්න කියලයි මේ පහර දීම කරන්නේ. ඔහුට මේ බොරු චෝදනාව පිලිගන්නම වෙනවා.
ඉන් පස්සේ ඔහුව මංකොල්ලකාල, තව සල්ලි ගෙනත් දෙන්න කියලත් ඉල්ලලා හිටිනවා.

ඔවුන්ට සල්ලි පොරොන්දුවෙලා බේරිලා ආ රාජ්කුමාර් පොලිසියට සිදුවීම පැමිණිලි කරනවා. පොලිසිය අත්අඩංගුවට ගත් සැකකරුවන් අතරේ තිබිල රාජ්කුමාර්ට වද දෙන වීඩියෝවකුත් හමුවෙනවා. ඒ විතරක් නෙමෙයි, සුස්මිතා කියන්නේ විවාහක, දරුවෝ තුන්දෙනෙක් ඉන්න මවක් කියලත් හෙළිවෙනවා. දැන් රාජ්කුමාර් ඉන්නේ රෝහල් ගතවෙලා. තමන්ගේ පෙම්වතිය මේ දුන්නු අපූරු තෑග්ග නිසා ඔහු ඉන්නේ හොඳටම කම්පනයෙන්.

Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment