ඇමති මාරුවට එකම පක්ෂයෙන් මත දෙකක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, June 14, 2017

ඇමති මාරුවට එකම පක්ෂයෙන් මත දෙකක්

ඇමති මාරුවට එකම පක්ෂයෙන් මත දෙකක්
උතුරු පළාත් සභාවේ දූෂණ සමබන්ධයෙන් චෝදනා එල්ල වී ඇති ඇමතිවරුන් සිව්දෙනාම ඉවත් කරන්නේ නම එයට විරුද්ධ බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරම් මහතා කියා සිටියේය.

මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ අද (14) දින පළාත් සභාවේ අමතිවරුන්ට එරෙහිව එල්ල වී ඇති දූෂණ කමිටු වාර්තාව සභාගත කිරීම සම්බන්ධයෙන් විමසීමේදීය. 

උතුරු පළාත් සභාවේ ඇමතිවරු සම්බන්ධයෙන් සොයා බැලීමට පසුගිය වසරේ  අගෝස්තු මස උතුරු පළාත් අමාත්‍ය සී.වී.විග්නේස්වරන් මහතා විසින් ත්‍රිපුද්ගල කමිටුවක් පත් කරනු ලැබූ අතර අදාළ දුෂණ සමබන්ධයෙන් පිටු 80කින් යුත් කමිටු වාර්තාව උතුරු පළාත් අමාත්‍යවරයාට ලැබීමෙන් පසුව පසුගිය 06 වනදා පළාත් සභා සැසිවාරයේදී විවාදයට ගැනීමට ගත් අවස්ථාවේ ඇති වූ උණුසුම් තත්වය හේතුවෙන් 14 වැනිදා දක්වා කල් තැබීමට සිදු විය.

මේ සම්බන්ධයෙන් අදහස් පළ කර සිටි දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරම් මහතා කියා සිටියේ දුෂණ චෝදනාවන් එල්ල වී තිබෙන අමාත්‍යවරුන් දෙදෙනාට එරෙහිව පමණක් කටයුතු සිදු කළ යුතු බවත් සිව්දෙනාවම එකවර මාරු කිරීමට විරුද්ධවන බවත්ය. නමුත් මේ සම්බන්ධයෙන් එම පක්ෂයේම පළාත් සභා මන්ත්‍රී එම්.කේ.සිවාජිලිංගම් මහතා කියා සිටියේ මිනිස්සුන්ගේ බලාපොරොත්තුවට අනුව  සිව්දෙනාම මාරු කළ යුතු බවයි.

(වන්නි - රොමේෂ්)

No comments:

Post a Comment

Post Bottom Ad