වෛද්‍ය සිසුන් 22ක්‌ අමු අමුවේ මරා දැමූ පේරාදෙණි මර්දනය-02 - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, June 11, 2017

වෛද්‍ය සිසුන් 22ක්‌ අමු අමුවේ මරා දැමූ පේරාදෙණි මර්දනය-02

කාර් බෝම්බයක්‌ පුපුරුවා ඇමැති රංජන් ඝාතනයට
පේරාදෙණියේ වෛද්‍ය ශිෂ්‍යයෙක්‌ එයි


වෛද්‍ය සිසුන් 22ක්‌ අමු අමුවේ
මරා දැමූ පේරාදෙණි මර්දනය-02



පාලිත සෙනෙවිරත්න අනුරාධපුරයේ කීරකුලමේ උපන් අතර අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලයෙන් පේරාදෙණිය වෛද්‍ය පීඨයට ඇතුළුවී දෙවන වසරෙ ¨(ජ්‍යෙෂ්ඨ) ශිෂ්‍යයෙකු වශයෙන් කටයුතු කළේය. 8 දෙනෙකුගෙන් යුතු පවුලක සාමාජිකයෙක්‌ වූ පාලිත කුඩා කාලයේදීම හේන් ගොවියෙකු වූ පියා මව අතහැර ගියේය. පසුව නෙට්‌ටිකුලමේ දුෂ්කර ජීවිතයක්‌ ගෙවූ පාලිතගේ මවද සියදිවි නසාගෙන තිබිණි. ජීවත්වීම සඳහා වෛද්‍ය විද්‍යාලයට ඇතුල්වන තෙක්‌ම අනුරාධපුර පොළේaපාවහන් විකිණීමේ නිරතව සිටියේය.

අනුරාධපුර පැරණි නගරයේ පදිංචි පාලිතගේ නැන්දා විසින් ඇයට දරුවන් නොසිටි බැවින් පාලිත රැකබලා ගත්තේය. ඇගේ සැමියා සංස්‌කෘතික ත්‍රිකෝණයේ සේවකයෙකි. පෞද්ගලික වෙද විදුහලට එරෙහිව නිදහස්‌ අධ්‍යාපනය වෙනුවෙන් සක්‍රීය නායකයෙකු බවට පත්වූ පාලිත අනුරාධපුර දිස්‌ත්‍රික්‌කයේ වැඩ කළේය. පාවාදීමක ප්‍රතිඵලයක්‌ වශයෙන් ගුරුවරයෙකු වන ආනන්ද සමඟ යතුරුපැදියක යමින් සිටියදී 1989 දෙසැම්බර් 7 අත්අඩංගුවට ගන්නා ලදී.

අනුරාධපුර නගරාධිපති කල්දේරා ඔහු සොයා ගැනීමට උදව් කලද එය නිශ්ඵල විය. පසුව අනුරාධපුර පණ්‌ඩුලගම හමුදා කඳවුරට ගෙන ගිය පාලිත අනතුරුව තේක්‌ක කැලයක්‌ අසල තිබූ පණ්‌ඩුව වධකාගාරයේදී ඝාතනය විය. එවකට අනුරාධපුර හමුදා ආඥාපති සහ පුනරුත්ථාපන කටයුතු අධ්‍යක්‌ෂ ජනරාල් වූයේ මේජර් ජනරාල් ආනන්ද වීරසේකර වන අතර මාණ්‌ඩලික සැරයන් ලෙස කටයුතු කළේ නුගවෙලය. තේක්‌ක කැලයක්‌ අසල තිබූ පණ්‌ඩුල වධකාගාරයේදී පාලිත ඝාතනයට පක්‌විය.

අම්බලන්ගොඩ පදිංචි එම්. ඩී. ධර්මපාල 1984 උසස්‌ පෙළ සමත් වීමෙන් පසු පේරාදෙණිය වෛද්‍ය පීඨයට ඇතුල් විය. මුඛරි කටක්‌ සහිත සක්‍රීය නායකයෙකු වූ ධර්මපාල සිය කණ්‌ඩායමේ නියෝජිතයෙකු වශයෙන් පොදු ශිෂ්‍ය ක්‍රියාකාරකම්වලදී ඉදිරියෙන් සිටියේය. ගාල්ල බද්දේගමදී 1989 සැප්තැම්බර් 18 අත්අඩංගුවට ගැනීමෙන් පසු ඝාතනයට ලක්‌විය.

පොල්පිටිය මාදෙනිය ග්‍රාමයේ පදිංචි සනත් ද සිල්වා 1984දී වෛද්‍ය පීඨයට ඇතුල්වූ අතර ගිණිගත්හේන මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරීය. පියා ආරක්‌ෂක අංශයේ සේවය කළේය. ඔහුගේ නිවුන් සොහොයුරා වූ අජිත් ද සිල්වා ද එම වෛද්‍ය පීඨයේ ම අධ්‍යාපනය ලැබූ අතර වර්තමානයේ ඕස්‌ටේ්‍රලියාවේ රෝහලක සේවය කරයි. සනත් නුවරඑළිය දිස්‌ත්‍රික්‌කයේ බහුජන සංවිධාන ක්‌ෂේත්‍රයේ කටයුතු කළ අතර 1989 අගභාගයේදී රිකිල්ලගස්‌කඩදී පැහැර ගැනීමෙන් පසුව ඝාතනයට ලක්‌විය.

කුලියාපිටිය සඳලංකාවේ උපන් උපුල් ප්‍රියශාන්ත ඒකනායක පේරාදෙණිය වෛද්‍ය පීඨයට ඇතුළු වූයේ 85/86 කණ්‌ඩායම සඳහාය.

කලින් ඔහු කොළඹ වෛද්‍ය පීඨයට තේරී කලක්‌ එහි ඉගෙනුම ලැබුවේය. සරසවියේදී ඔහු සීමිත මිතුරන් පිරිසක්‌ ඇසුරු කළ අතර කුරුණෑගල දිස්‌ත්‍රික්‌කයේ සරසවි සිසු දෙමාපිය සංවිධානයේ කටයුතු වලට ක්‍රියාකාරීව දායක විය. දන්කොටුවේ තිදරු පවුලක වැඩිමලා වූ උපුල් උපන්නේ 1965 දෙසැම්බර් 15 වන අතර ඔහුගේ පියා වන ඊ. එම්. සිරිසේන වඩු කාර්මිකයෙකි.

මව ඒ. ඩබ්ලිව්. ඒ. සෝමවතීය. අපොස සාමාන්‍ය පෙළ දක්‌වා වෑකඩ මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ උපුල් අපොස උසස්‌ පෙළ විභාගයට පෙනී සිටියේ වෙන්නප්පුව ජෝසප් වාස්‌ විදුහලෙනි.   දංකොටුව පොලිසියේ ස්‌ථානාධිපති විසින් කළුඅච්චිමුල්ලේදී උපුල් ඒකනායක 1989 අප්‍රේල් 30 අත්අඩංගුවට ගත් අතර පසුව අතුරුදන් විය. ඔහු 1989 ජුනි මස ඝාතනය වන්නට ඇතැයි සැක කෙරේ. උපුල්ගේ එක්‌ සොහොයුරියක්‌ පවුල් සෞඛ්‍ය සේවිකාවක්‌ වන අතර අනෙක්‌ සොහොයුරිය මීගමුව රෝහලේ හෙදියකි.

උපුල් ඒකනායකගේ සමීපතම මිතුරෙකු වූ සදලංකාඟෙ උපන් සුනන්ද ජයවර්ධන වෛද්‍ය පීඨයේ අවසන් වසරේ සිසුවෙකුවූ අතර 1983/84 කණ්‌ඩායමට අයත් විය. මාතලේ මාර්ගයේ අලවතුගොඩ හමුදා මුරපොල අසලදී 1989 මැයි 06 අත්අඩංගුවට ගැනීමෙන් පසු කුලියාපිටිය හමුදා කඳවුරට යොමුකල අතර පසුව නිදහස්‌ විය. අනතුරුව යළිත් 1989 ඔක්‌තෝබර් 11 මාකඳුරේ වැටකෙයියා ප්‍රදේශයේදී ආරක්‌ෂක අංශ සමඟ සිටි බිල්ලෙකු බවට පත්වූ කැරලිකරුවෙකු විසින් සෝදිසි මෙහෙයුමකදී සුනන්ද ජයවර්ධනව පෙන්වන ලදී.

ඒ වන විට සුනන්ද, සදලංකා රෝහලේ වෛද්‍ය ශිෂ්‍යයෙකු ලෙස සායනික පුහුණුවල නිරතව සිටියේය. බිල්ලා පෙන්නූ පසු ආරක්‌ෂක අංශ සුනන්ද අත්අඩංගුවට ගැනීමට උත්සාහ කළ අතර ඔහු ක්‌ෂණිකව පළායන ලදී. පසුව වෙඩි ප්‍රහාරයකට ලක්‌වීමෙන් ඝාතනය වූ අතර සුනන්දගේ සිරුර ආරක්‌ෂක අංශ මගින් රැගෙන යන ලදී. ඒ.එස්‌.එල් අතපත්තු නුවර මුරුතලාව පාරේ පදිංචිව සිටි අතර මව ගුරුවරියකි.

පෞද්ගලික වෙද විදුහල් සටනට එරෙහිව දිස්‌ත්‍රික්‌ක මට්‌ටමින් අන්තර් වෛද්‍ය විද්‍යාල ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටු හරහා පුරෝගාමී සේවයක්‌ කළේය. පසුව 1989 නොවැම්බර් මසදී ඝාතනයට පත්විය. මාතලේ පදිංචි කාරියවසම් අම්පේගමගේ සුනිල් කුමාර වෛද්‍ය පීඨයේ 82/83 කණ්‌ඩායමේ සාමාජිකයෙකු වූ අතර අවසන් වසරේ සිසුවෙකි. සුනිල් කුමාර 1989 ජුලි 6දා නුවර අලවතුගොඩ අත්අඩංගුවට ගැනීමෙන් පසු 1989 අගෝස්‌තු 2 තෙල්දෙණියේදී ඝාතනයට ලක්‌වී තිබිණි.

පුලස්‌ති ආදිත්‍ය ජයසේකර 1965 අගෝස්‌තු 8 උපන් අතර කුරුණෑගල පුත්තලම පාරේ අංක 239 පදිංචිව සිටියේය. ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ ලිපිකරුවෙකු වූ පියා ඕපල්ලගේ ඕ.එස්‌ ජයසේකර වූ අතර මව සුමනාය. කනිටු සොහොයුරිය නිල්මිණි මධුභාෂණිය. කුරුණෑගල මලියදේව විදුහලේ ශිෂ්‍යයෙකු වූ අතර අපොස සාමාන්‍ය පෙළ මලියදේව විදුහලේ විශිෂ්ටතම ප්‍රතිඵල ලැබූ ශිෂ්‍යයා වූ පුලස්‌ති දෙවැනි වර විභාගයට පෙනී සිටිමෙන් 1985දී පේරාදෙණිය වෛද්‍ය පීඨයට ඇතුල් විය.

පේරාදෙණිය වෛද්‍ය පීඨයේ සිසුන් වූ පූලස්‌ති ජයසේකර, ප්‍රභාත් ආරියචන්ද්‍ර, රිµaති සකාබ් යන තිදෙනාම කුරුණෑගල පදිංචි මලියදේව විදුහලේ ආදි සිසුන්වූ බැවින් සමීපතම මිතුරන් විය. ප්‍රභාත් ආරියචන්ද්‍රද වෛද්‍ය පීඨයේ දෙවැනි වසරේ සිසුවෙකු වූ අතර මලියදේව විදුහලේ ආදි සිසුවෙකි. පේරාදෙණිය වෛද්‍ය පීඨයේ සිසුවෙකු වූ රිµaති සකාබ්ද මලියදේව විදුහලේ ආදි ශිෂ්‍යයෙකි. පුලස්‌ති, ප්‍රභාත් සහ රිµaති පෞද්ගලික වෛද්‍ය විදුහලට එරෙහිව කළ අරගලයේදි කුරුණෑගල සහ පුත්තලම දිස්‌ත්‍රික්‌කයන්හි සුවිශේෂී කාර්යභාරයක්‌ ඉටු කළේය.

සරසවි වසා දැමීමෙන් පසු වෛද්‍ය සිසුන්වූ පුලස්‌ති, ප්‍රභාත් සහ රිµaති තිදෙනා ගැට්‌ටුවාන මල්ලවපිටියේ බටහිර වෛද්‍ය මධ්‍යස්‌ථානයක්‌ ලියාපදිංචි වෛද්‍යවරයෙකුගේද සහාය ඇතිව සාර්ථකව පවත්වාගෙන ගියහ. ආරක්‌ෂක හමුදාව 1990 ජනවාරි 3 පෙරවරු 11.10ට මල්ලවපිටිය ඔවුන්ගේ වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්‌ථානයට පැමිණ තිදෙනාම නිකවැරටිය හමුදා කඳවුරට ගෙන ගිය අතර පසුව 1990 ජනවාරි 17 ඝාතනයට පත්විය. ඔවුන් ආරක්‌ෂක හමුදා අත්අඩංගුවට පත්වූයේ පාදෙනියේ බිම්බෝම්බයක්‌ පිපිරවිම සම්බන්ධයෙන් මල්කඩුවාවේ නිවසක සිටියදී අත්අඩංගුවට ගත් පේරාදෙණිය ඉංජිනේරු පීඨයේ සිසුවෙකුගේ මඟ පෙන්වීමකට අනුව බවට චෝදනාවකි.

අත්අඩංගුවට ගෙන දින 12කින් පසු පූලස්‌තිගේ අත්අකුරින් ඔහුගේ මවට ලිපියක්‌ ලැබුණු අතර එහි සඳහන් වූයේ zතමා හොදින් ඉන්නා බැවින් සොයා බැලීමට අනවශ්‍ය බවකිz. එකල නිකවැරටිය ප්‍රදේශය භාර යුද හමුදා ආඥාපතිවරයා වූයේ බ්‍රිගේඩියර් ජානක පෙරේරා වන අතර ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරිවරයා වූයේ එඩිසන් ගුණතිලකය. නිකවැරටියත් වාරියපොලත් අතර පිහිටි පාදෙණිය හන්දිය අසළ මහා මාර්ගයේ විශාල ඝාතන වළක මෙම වෛද්‍ය සිසුන් තිදෙනා ඇතුළු තරුණයන් 25 දෙනෙකු ඝාතනය කර පුළුස්‌සා දමා තිබූ බව කියති.

ධර්මප්‍රිය ජයනන්දන (ජයියා) දන්ත වෛද්‍ය පීඨයේ තෙවැනි වසරේ ශිෂ්‍යයෙකි. ගිණිගත්හේන මධ්‍ය මහා විද්‍යාලයේ අධ්‍යාපනය ලත් ඔහුගේ පියා ව්‍යාපාරිකයකි. අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්‌ඩලය සඳහා 1986 සිට 1988 දක්‌වා පේරාදෙණිය සරසවිය නියෝජනය කිරීමට ජයශ්‍රී, නිෂ්මි, අතුරලියේ රතන හිමි, රාජනායක සහ කාරියප්පා සමඟ පැමිණියේ ගජනායකය. දෙවරක්‌ අත්අඩංගුවට පත්වී ගලගෙදර පොලිසිය, නුවර සහ මැගසින් බන්ධනාගාරයන්හි වසරකට අධික කාලයක්‌ රිමාන්ඩ්ගත වී සිටියේය. දක්‌ෂ සංවිධායකයෙකු වූ ඔහු පෝස්‌ටර් කලාවට නව අරුතක්‌ එක්‌ කළ අයෙකි.

දේශපාලන යාන්ත්‍රණය යළි ගොඩනැඟීම සඳහා 1989 දෙසැම්බර් මුල් භාගයේදී උපාලි ජයවීරගේ ප්‍රධානත්වයෙන් තෙල්දෙණිය රඹුක්‌වැල්ල ගමේ පැවති මධ්‍යම පළාත් ක්‍රියාකාරිකයන්ගේ රැස්‌වීමටද ජයනන්ද නුවර නැගෙනහිර කලාපයේ ශිෂ්‍ය ලේකම් ලෙස සහභාගි විය. පේරාදෙණිය සරසවිය 1990 මාර්තු 13 යළි විවෘත කළ විට ඔහුට දේශනවලට සහභාගි වීමට හැකි වූයේ කිහිපවරක්‌ පමණි. ඒ මීරිගම බල්ලපාන අන්නාසි වත්තේදී 1990 මාර්තු 18 අත්අඩංගුවට ගත් අයෙකුගේ පාවාදීමක්‌ මත දංගොල්ලේ දන්ත වෛද්‍ය පීඨය අසලදී 1990 මැයි 03 සුදු වෑන් රථයකින් පැහැර ගැනීම නිසාය. දන්ත වෛද්‍ය පීඨයේ එදිරිසිංහ අත්අඩංගුවට ගෙන නිදහස්‌ කර තිබුණේ ඉන් දෙසතියකට පෙරය.

දන්ත වෛද්‍ය පීඨයේ පළමු වසරේ සිසුවෙකු වූ විපුල් රත්නායක හෙවත් දේවක හෙවත් ලක්‌ෂ්මන් රත්නපුර දිස්‌ත්‍රික්‌කයේ ජාතික ශිෂ්‍ය සටන් මධ්‍යස්‌ථානයේ කලාපීය නායකයෙකු වශයෙන් ක්‍රියාකාරි විය. විපුල්ගේ පියා දෙනියාය ප්‍රාථමික විදුහලේ හිටපු විදුහල්පතිවරයෙකි. විපුල් ඇතුළු 6 දෙනෙකු 1989 නොවැම්බර් 22 බළංගොඩ ඇල්ලේපොලදී පැහැරගත් අතර 1989 නොවැම්බර් 25 එම 6 දෙනාම ඝාතනයට ලක්‌විය. එයට මොරටුව එන්.ඩී.ටී. ශිෂ්‍යයෙකු වූ ශාන්ත උදය කුමාර, විපුල් ඇතුළු සරසවි සිසුන් තිදෙනෙක්‌ම විය. විපුල්ගේ කනිටු සොහොයුරා ද ජවිපෙට සම්බන්ධව සිටි අතර ඔහුගේ පවුලේ කිහිපදෙනෙක්‌ම ආරක්‌ෂක හමුදා අතින් ඝාතනයට ලක්‌විය.

.........

පේරාදෙණිය පශු වෛද්‍ය පීඨයේද සිසුන් 17 දෙනෙකු 1986 සිට 1990 දක්‌වා ශිෂ්‍ය ව්‍යාපාරයට පූර්ණකාලීනව එක්‌වී සිටි අතර ජනක සෙනෙවිරත්න සමඟ ඉන් තිදෙනෙකුම ජවිපෙ දෙවැනි කැරැල්ලේදී ඝාතනයට ලක්‌විය. එක්‌ අයෙකු වූයේ පශු වෛද්‍ය පීඨයේ 83/84 කණ්‌ඩායමේ 31 දෙනා අතරින් අයෙකු වූ අම්පාර ඉඟිනියාගල ලක්‌ෂ්මන් රංජිත් අබේරත්න(ටොමා)ය. පවුලේ දෙවැනියා වූ ලක්‌ෂ්මන් නිහඬ චරිතයක්‌ වූ අතර පියා ගොවියෙකි. ලක්‌ෂ්මන් ජවිපෙ අධ්‍යාපන කඳවුරකට ප්‍රථම වරට සහභාගි වූයේ 1986 මාර්තු 11ය.

මාතලේ පැවති ජවිපෙ අධ්‍යාපන කඳවුරට පේරාදෙණිය සරසවියෙන් සහභාගි වූ පිරිස අතර ඉංජිනේරු සිසු එස්‌.එම්. නිෂ්මි, පශු වෛද්‍ය සිසු බී.සී.එස්‌. පෙරේරා ද විය. එකල පශු වෛද්‍ය සිසුන් පුහුණු කරන ලද්දේ පේරාදෙණිය සරසවියේ පමණි (වසර 2015 වන) විට ශ්‍රී ලංකාවේ සිටි පශු වෛද්‍යවරුන් සංඛ්‍යාව 918ක්‌ වූ අතර ඉන් 551ක්‌ රාජ්‍ය සේවයට අනුයුක්‌තය)  පල්ලෙකැලේ හමුදා කඳවුරට 1987 අප්‍රේල් 15 ප්‍රහාරයක්‌ එල්ල කිරීම සම්බන්ධයෙන් බන්ධනාගාර ගතවූ ලක්‌ෂ්මන් 1988 දෙසැම්බර් 12 කොළඹ මැගසින් බන්ධනාගාරය බිඳ දැමීමෙන් පසු ජවිපෙ මුදාගත් ජවිපෙ සාමාජිකයන් 221 දෙනා අතර විය.

පසුව පන්නල ප්‍රදේශයේ තලම්මැහැර බම්මන්ත විහාරස්‌ථානයක සිට කුලියාපිටියේ ජවිපෙ ශිෂ්‍ය අංශයේ නායකයෙකු වශයෙන් කටයුතු කරමින් සිටියදී 1989 මැයි 21 අත්අඩංගුවට පත්වූ අතර ඝාතනය කරන ලද ඔහුගේ සිරුර කුලියාපිටිය පන්නල මාර්ගයේ කන්කානියමුල්ල කැලයේ බෝධිය අසලදී පුළුස්‌සා දමා තිබියදී හමුවිය. තවත් පශු වෛද්‍ය ශිෂ්‍යයෙකු වූ 1985 කණ්‌ඩායමේ කුලියාපිටියේ නිහාල් ප්‍රේමරත්න(සිරා) පූර්ණකාලීනව ජවිපෙට 1987 මාර්තු මස සිට එක්‌වූ අතර 1989 අවසාන කාලයේදී පැල්මඩුල්ලේදී අත්අඩංගුවට පත්වීමෙන් පසු ඝාතනයට ලක්‌විය. කඩු පහරක්‌ වැදීමෙන් මුහුණේ දකුණු පස කැලලක්‌ද විය.

මෝටර් රථයක ඇටවූ අධිබලැති බෝම්බයක්‌ පුපුරුවා හරිමින් ඇමැති රංජන් ඝාතනය කිරීමට 1989 දෙසැම්බර් කාර් රථය පදවාගෙන එම රථය සමඟම මරුමුවට පත්වීමට ස්‌වෙච්ඡාවෙන්ම ඉදිරිපත් වූයේද පේරාදෙණියේ සරසවියේ පශු වෛද්‍ය ශිෂ්‍ය හබරාදූව අඟුළුගහ පදිංචි ජනක සෙනෙවිරත්න හෙවත් රොබට්‌ය. ගාල්ලේ හබරාදූව කටුකරුන්දේ උපන් ජී. ඩී. ජනක සෙනෙවිරත්න පශු වෛද්‍ය පීඨයේ 1986 කණ්‌ඩායමට අයත් දෙවැනි වසරේ සිසුවෙකු විය. ජනක සෙනෙවිරත්නගේ පියා පීමන් ඩයස්‌ අබේගුණවර්ධන සෙනෙවිරත්න වූ අතර දික්‌කුඹුර පාඨශාලීය මහා විදුහලේ ගුරුවරයෙකු විය. පසු කලෙක ඔහු විශ්‍රාම ගියේ පළමු ශේ්‍රණියේ විදුහල්පතිවරයෙකු වශයෙනි.

දීගොඩ ඉමදූවේ උපන් ජනකගේ මව මාතර දික්‌කුඹුර අන්ද්‍රdගොඩ කණිටු විදුහලේ විදුහල්පතිනියයි. ඇය විශ්‍රාම යන විට දෙවැනි ශ්‍රේණියේ විදුහල්පතිනියකි. තිදෙනෙකු වූ පවුලේ බාලයා ජනකවූ අතර වැඩිමහල් සොහොයුරා අශෝක ද වැඩිමහල් සොහොයුරිය රේණුකාද විය. ගාල්ල ඇලෝසියස්‌ විදුහලේ අධ්‍යාපනය ලැබූ ජනක ඉතා කෙළිලොල්, රූමත්, කොණ්‌ඩය බොකුටු නළුවෙකු මෙන් සිත් ගන්නා ආකර්ෂණීය තරුණයෙකු වූ අතර පේරාදෙණියේ පශු වෛද්‍ය පීඨයට ඇතුල්වීමත් සමඟම දැවැන්ත පරිවර්තනයකට ලක්‌විය.

ඇමැති රන්ජන් විඡේරත්න කාර් බෝම්බයක්‌ මගින් ඝාතනය කිරීමට තමා වෙත පැවරූ වගකීම ඉටු කිරීම සඳහා ජනක සෙනෙවිරත්න බෝම්බ ඇටවූ මෝටර් රථයෙන් 1989 දෙසැම්බර් මස රංජන් විඡේරත්න සිව්දිනක්‌ පමණ කිරුලපන සහ හැව්ලොක්‌ ටවුන් ප්‍රදේශයේ ලුහුබැඳ ගියද ඉලක්‌කය සපුරාගත නොහැකි විය. පසුව කොට්‌ටාව හන්දියේදී 1989 දෙසැම්බර් 26 අත්අඩංගුවට ගෙන මත්තේගොඩ කඳවුරේදී දරුණු වධබන්ධනවලට ලක්‌වුවද ජනක කිසිදු කරුණක්‌ හෙළි නොකළේය.

අත්අඩංගුවට පත් ජනක ඒකාබද්ධ මෙහෙයුම් ඒකකයේ මූලස්‌ථානයේදීද ආරක්‌ෂක රාජ්‍ය අමාත්‍ය රංජන් විඡේරත්නට ඔහු බැලීම සඳහාද ගෙනයන ලදී. ජනක අත්අඩංගුවට ගත් පුවත කාර් බෝම්බ ඝාතන සිද්ධිය සමගින් රජයේ රූපවාහිනියේ ප්‍රවෘත්ති මගින්ද විකාශනය කෙරිණි. ජනකද වධබන්ධනවලට ලක්‌වීමෙන් පසු 1990 පෙබරවාරි මස 16 යටාරෝ වධකාගාරයේදී ඝාතනයට ලක්‌විය. විපක්‌ෂ මන්ත්‍රී වාසුදේව නානායක්‌කාර ඔවුනට සිදුවූයේ කුමක්‌දැයි පාර්ලිමේන්තුඟෙ පසුව ප්‍රශ්න කළේය. එවිට ඇමැති රන්ජන් කියා සිටියේ ඔවුන් පලාගොස්‌ ඇති බවය.

පේරාදෙණිය සරසවියේ වෛද්‍ය, පශු, දන්ත යන පීඨයන්හි සිසුන් ගණනාවක්‌ 1986 සිට 90 දක්‌වා වරින්වර අත්අඩංගුවට ගත් අතර කිහිප දෙනෙකු වධකාගාරවල ද සිට නිදහස්‌ විය. වෛද්‍ය සිසුවෙකු වූ සද්ධා මංගල අමරසිංහ කොට්‌ටාව වධ කඳවුරේ වරක්‌ සිටි අතර පසුව නිදහස ලබා ඉතාලියේ ව්‍යාපාරිකයෙකු වශයෙන් ජීවත් වේ. ඔහුගේ සොහොයුරාද එම වෛද්‍ය පීඨයේම සිසුවෙකු විය.

රට පුරා සරසවි බොහෝ අවස්‌ථාවන්හි වසා තැබීමට සිදුවූ බැවින් සිසුන්ගේ අධ්‍යාපනයට එය බලවත් පහරක්‌ විය. නිදසුනක්‌ වශයෙන් 1983 ඔක්‌තෝබර් මස සරසවියට පැමිණීමට තිබූ සිසුවෙකුට එයට ඇතුළුවීමට සිදුවූයේ 1984 ජනවාරිය. එම පාඨමාලාව නිමාවීමට තිබුණේ 1986/87දීය. එහෙත් උද්ගත වූ තත්ත්වය මත 1983 ඔක්‌තෝබර් මස සරසවියට ඇතුවීමට සිටි උපාධි අපේක්‌ෂකයෙකුට අවසානයේ ඉන් පිටවීමට සිදුවූයේ 1990 අවසාන භාගයේදීය. සෙසු වසරයන් සඳහාද සිසුන්ගේ උපාධි ලබාගැනීමේ කාලය එයට අනුරූපව දීර්ඝ විය.

පේරාදෙණිය සරසවියේ වෛද්‍ය සිසුන්ව සිටියදී මියගිය සිසුන් සහ පේරාදෙණිය සරසවියේ සියලුම සිසුන් වෙනුවෙන් සරසවි වෛද්‍ය පීඨයේ සිසුන්ගේ සෘජු දායකත්වය යටතේ 1993 ජුනි 20 "විරු සිසු ගී සරණිය" ක්‌ පවත්වා ඔවුනට උපහාර පළ කරන ලදී. නන්ද මාලනී සහ ගුණදාස කපුගේ කලාකරුවන්ද ආරාධිතයන් ලෙස එයට එක්‌විය. එමෙන්ම ජනතා සාහිත්‍ය උළෙලට සමගාමීව "මාගේ දේශය අවදි කරනු මැන" මැයින් සාහිත්‍ය උළෙලක්‌ 1993 සිට අද දක්‌වාම අඛණ්‌ඩව වාර්ෂිකව පවත්වාගෙන යනු ලබයි.

No comments:

Post a Comment

Post Bottom Ad