2020 ආණ්ඩු පෙරළියට සූදානම් - දඹුල්ලෙන් වැඩ අල්ලයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, June 19, 2017

2020 ආණ්ඩු පෙරළියට සූදානම් - දඹුල්ලෙන් වැඩ අල්ලයි

රට පුරා විසිරි ඇති සහල් නිෂ්පාදකයන් විනාශ කිරීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බවත් ආණ්ඩුව එයට සහයෝගය ලබාදෙමින් සිටින බවත් මේ තත්වය නොනවත්වා සිදුකර ගෙන යන්නේ නම් බත් කන හා බත් නිෂ්පාදන ජනතාව සමඟ එක්ව 2020 වනවිට ආණ්ඩුව පෙරලා දැමීමට සුදානම් බව සමස්ත ලංකා සහල් නිෂ්පාදකයන්ගේ සංගමය අවධාරණය කරයි.

එම සංගමය ඊයේ (18) දඹුල්ල ප්‍රදේශයේදී මාධ්‍ය හමුවක් කැඳවමින් මේ බව  සදහන් කළේය. මෙහිදී අදහස් දැක්වූ එම සංගමයේ සභාපති මුදිත් පෙරේරා මහතා ප්‍රකාශ කර සිටියේ රට තුළ විදේශීය සහල් ගෙන්වීමට අවශ්‍ය නොවන බවත් රටේ අවශ්‍ය පරිදි වී තොග පවතින බවත්ය. වී තොග සගවා රට තුල සහල් මිල ඉහල දමා තිබෙන බවද සදහන් කළ ඒ මහතා පාරිභෝගික අධිකාරියේ සභාපතිවරයාද හාල් කිලෝව රු 100 කට මිලදී ගන්නා බවද නිතීය ක්‍රියාත්මක කිරීමට බියක් දක්වන බව ද තවදුරටත් කියා සිටියේය.

මේ තත්වය පිලිබඳ ජනපති හා  අගමැතිවරයා දැනුවත් කොට විසදුම් නොලැබෙන්නේ නම් ආණ්ඩු වෙනසකට තම සංගමය නායකත්වය දෙන බව ද ඔහු වැඩි දුරටත් පැවසීය.

(දඹුල්ල-කාංචන කුමාර)

No comments:

Post a Comment

Post Bottom Ad