විදේශ ඇමතිට ලොතරැයි මණ්ඩල දීම වරදක් නම් වැරදිකරු ජනපතියි..- එජාපය කියයි..

විදේශ අමාත්‍යංශය යටතට ලොතරැයි මණ්ඩල දෙක පත් කිරීම වරදක් නම් එය සාකච්චා කල යුත්තේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සමග බව එක්සත් ජාතික පක්‍ෂය පවසයි.

එම පක්‍ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත‍්‍රී තුෂාර ඉදුනිල් මහතා කියා සිටියේ අමාත්‍යංශවල සියළු විෂ්‍ය පථයන් ගැසට් කරන්නේ ජනාධිපතිවරයා විසින් බවයි. විදේශ ඇමතිට ලොතරැයි මණ්ඩල දීම වරදක් නම් ධීවර ඇමති මහින්ද අමරවීරට මහවැලි රාජ්‍ය ඇමති ධුරය ලබා දීම ගැන අදහස කුමක්දැයි ඔහු ප‍්‍රශ්න කරයි.

සිරිකොත එජාප මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී මන්ත‍්‍රීවරයා මේ අදහස් පල කලේ ඇමති දයාසිරි ජයසේකර විසින් කරන ලද ප‍්‍රකාශයකට පිලිතුරු ලෙසයි.


Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment