සයිටම් රෝහල ලබන 15 වනදා රජයට පවරා දෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, June 29, 2017

සයිටම් රෝහල ලබන 15 වනදා රජයට පවරා දෙයි

මාලබේ නෙවිල් ප්‍රනාන්දු පෞද්ගලික රෝහල ලබන 15 වැනිදා රජයට පවරා දීමට එහි පාලනාධිකාරිය තීරණය කර ඇතැයි වාර්තා වේ. තම රෝහල රජයට පවරා ගැනීමට කැබිනට්‌ මණ්‌ඩලය තීරණය කිරීමත් සමඟ තමන් මෙම තීරණයට එළඹී බව රෝහලේ සභාපති වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතා සඳහන් කර තිබේ.
සයිටම් විරෝධීන් පිළිබඳව සොයා බැලුවහොත් ඔවුන් පසු පස සිටින්නේ රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය බවත් අහිංසක රෝගීන් වෙනුවෙන් ඇප කැප නොවී වෛද්‍යවරුගේ පටු වාසි තකා සයිටම් විරෝධී රැල්ලක්‌ ක්‍රියාත්මක කර ඇතැයි ද හෙතෙම සඳහන් කළේය. නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරාගැනීමටත්, මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ කළමනකාරිත්ව පුළුල් කිරීමට අදාළව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වූ යෝජනාවට ඊයේ කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවී තිබේ.


උසස් අධ්‍යාපන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා හා සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා කැබිනට් මණ්ඩලයට මෙම යෝජනාව ඉදිරිපත් කර ඇතැයි වාර්තා වේ.

No comments:

Post a Comment

Post Bottom Ad