ජූලි 10 සිට ත්‍රී රෝද ගාස්තුවත් ඉහළට - නව ගාස්තු මෙන්න - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, June 18, 2017

ජූලි 10 සිට ත්‍රී රෝද ගාස්තුවත් ඉහළට - නව ගාස්තු මෙන්න

ජූලි මස 10 වන දින සිට බලපැවැත්වෙන පරිදි ත්‍රී රෝද කුලී ගාස්තුව පළමු කිලෝමීටරයට රුපියල් 10න් වැඩිකරන බව ස්වයං රැකියා වෘත්තිකයින්ගේ ජාතික ත්‍රී රෝද රථ සංගමය පවසයි.

මේවන විට ත්‍රී රෝද රථ අමතර කොටස්වල මිල ඉහළ ගොස් ඇති බව හා ඒ නිසා වෘත්තීය ත්‍රී රෝද රථ රියදුරන් දැඩි ආර්ථික අපහසුතාවන්ට පත්ව ඇති බව එහි සභාපති සුනිල් ජයවර්ධන මහතා පැවසී ය. එම නිසා ජනතාවට වඩා හොඳ ප්‍රවාහන සේවයක් සැපයීමේ අරමුණෙන් පළමු කිලෝ මීටරයේ මිල රු.10 න් ඉහළ නංවා ඇති නමුත්, දෙවන කිලෝ මීටරයේ සිට සුපුරුදු ලෙස රු.40 බැගින් අය කරන බවත් ඔහු පෙන්වා දුන්නේය.
පිට පළාත්වලින් කොළඹ නගරයට ඇතුළු වන ත්‍රී රෝද රථ හා නීති විරෝධී ලෙස හොර පාරෙන් ලබා ගත් බලපත්‍ර මගින් හෝ දඩ කොළ වලින් දුවන ත්‍රී රෝද රථ නිසාත්, වෘත්තීය රියදුරු නොවන පිරිස් නිසාත් බස්නාහිර පළාත තුළ රථ වාහන තදබදය ඉහළ ගොස් ඇති බව ඔහු වැඩිදුරටත් පැවසී ය. ඔහු මේ බව පැවසූවේ ඊයේ (17) කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.

No comments:

Post a Comment

Post Bottom Ad