ජනපති අයි.ඩී.එච්. රෝහලේ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, June 18, 2017

ජනපති අයි.ඩී.එච්. රෝහලේ

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (17) මුල්ලේරියාව අයි.ඩී.එච්. ජාතික බෝවන රෝග විද්‍යායතනයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය. රෝහලේ අඩු පාඩු පිළිබඳ සොයා බැලු ජනාධිපතිවරයා ඒවා කඩිනමින් සම්පූර්ණ කිරීමට පියවර ගන්නා බව ප‍්‍රකාශ කළේය.

ඩෙංගු රෝගීන්ගෙන් රෝහල පිරි පැවතීම හේතුවෙන් මතුවූ තදබදය හමුවේ රෝගීන් ඇතුළත් කිරීම තාවකාලිකව නතර කර තිබුණ ද රෝගීන්ට අවශ්‍ය සියලු පහසුකම් සමග ඔවුන් තලංගම, වෑතර සහ පිළියන්දල රෝහල් වෙත යොමු කිරිමෙන් අනතුරුව රෝහලේ කටයුතු යළි සාමාන්‍ය පරිදි සිදුකරමින් පවතී.

මෙම කටයුතු පිළිබඳ සොයා බැලු ජනාධිපතිවරයා උපදෙස් දුන්නේ වෙනත් රෝහල් වෙත යොමු කෙරුණු එම රෝගීන්ට අවශ්‍ය සියලු විශේෂඥ වෛද්‍ය පහසුකම් නොඅඩුව සම්පූර්ණ කරන ලෙසයි. අනතුරුව ඩෙංගු රෝගීන්ගේ වාට්ටු සංකීර්ණයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූ ජනාධිපතිවරයා එම රෝගීන්ගේ තොරතුරු විමසමින් සුහද කතා බහක නිරත විය. ඉන් අනතුරුව කාර්ය මණ්ඩලය සමග ද හමුවකට එක්වෙමින් ඖෂධ ඇතුළු රෝහලේ අනෙකුත් අඩු පාඩු පිළිබඳව විමසා බැලීය.

සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න, රෝහල් අධ්‍යක්ෂිකා දිමුතු රත්නායක යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

No comments:

Post a Comment

Post Bottom Ad