සෞඛ්‍ය අමාත්‍යංශයට කඩා පැන්න සිසුන් 100ක් සොයා මෙහෙයුම් - සිසුන් 2ක් අත්අඩංගුවට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, June 26, 2017

සෞඛ්‍ය අමාත්‍යංශයට කඩා පැන්න සිසුන් 100ක් සොයා මෙහෙයුම් - සිසුන් 2ක් අත්අඩංගුවට

සෞඛ්‍ය අමාත්‍යාංශයට බලහත්කාරයෙන් ඇතුළුවී දේපළ හා වාහනවලට අලාභ හානි සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් විශ්වවිද්‍යාල සිසුන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ සියඹලාණ්ඩුව සහ කටාන ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි සහ 22 හැවිරිදි සිසුන් දෙදෙනෙකි.

කොළඹ සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුවෙකු සියඹලාණ්ඩුව පොලීසිය විසින් සහ අන්තර් විශ්විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ ශිෂ්‍යයෙකු කොළඹ මධ්‍යම කොට්ඨාස නීතිය බලගැන්විමේ ඒකකයේ නිලධාරින් විසින් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පැවසී ය. ඔවුන් අද(26) සියඹලාණ්ඩුව සහ මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණවලට ඉදිරිපත් කිරීමට නියමිතය.

එම සිද්ධිය සම්බන්ධයෙන් සිසුන් 100 දෙනකු පමණ හඳුනාගන ඇති බවත් ඔවුන් ඉදිරි සතිය තුළ අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවත් පොලිසිය පැවසී ය. මෙලෙස හඳුනාගත් ඇතැම් සිසුන් සිය ගම් ප්‍රදේශවලින් පළාගොස් සැඟව සිටින බව ද මෙම සිසුන් අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා ඇති බව ද පොලිසිය පැවසි ය.

පසුගිය 21 වනදා විශ්වවිද්‍යාල සිසුන් පිරිසක් සෞඛ්‍ය අමාත්‍යාංශයට බලහත්කාරයෙන් ඇතුළු වී එහි දේපළවට අලාභ හානි සිදු කර තිබුණි. මේ සම්බන්ධයෙන් මිට පෙරද අන්තර් විශ්විවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ඇතුළු තවත් සිසුන් කිහිප දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad