පෞද්ගලික සේවකයින්ගේ විශ්‍රාම වයසේ වෙනසක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, June 26, 2017

පෞද්ගලික සේවකයින්ගේ විශ්‍රාම වයසේ වෙනසක්

පෞද්ගලික අංශයේ සේවකයන්ගේ විශ්‍රාම වයස්‌ සීමාව අවුරුදු 55 සිට 60 දක්‌වා වැඩි කිරීමේ යෝජනාවක්‌ කැබිනට්‌ මණ්‌ඩලයට ඉදිරිපත් කරන බව වෘත්තීය සමිති සබඳතා හා සබරගමු සංවර්ධන ඇමැති ඩබ්ලිව්. ඩී. ඡේ. සෙනවිරත්න මහතා පවසයි.

මෙම යෝජනාව වෘත්තීය සමිති කිහිපයක්‌ විසින් ඉදිරිපත් කර ඇති බවත් එය ඉදිරියේදී පැවැත්වෙන ජාතික කම්කරු උපදේශක සභාවේදී දීර්ඝ ලෙස සාකච්ඡා කර වාර්තාවක්‌ රජයට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවත් අමාත්‍යවරයා ඊයේ(25) පෙන්වා දුන්නේය. 

පෞද්ගලික අංශයේ සේවකයන් අවුරුදු 55 න් විශ්‍රාම යා යුතු වුවද රාජ්‍ය සේවයේ විශ්‍රාම වයස 60 දක්‌වා දීර්ඝ කර තිබෙන බවත් එම නිසා වෘත්තීය සමිති මෙම විෂමතාව වෙනස්‌ කරදෙන ලෙස ඉල්ලා ඇති බවත් සඳහන් කළ අමාත්‍යවරයා අවුරුදු 55 න් විශ්‍රාම ගන්නා බොහෝ දෙනෙක්‌ එම සේවා ස්‌ථානයේ හෝ වෙනත් පෞද්ගලික අංශයේ සේවා ස්‌ථානයක නැවත සේවය කරන බවත් පෙන්වා දුන්නේය.

බොහෝ ආයතනවල වසරින් වසර ලබාදෙන සේවා දිගු මත හෝ සාමූහික ගිවිසුම් මත එය සිදුවෙන අතර මෙම ක්‍රියාවලියේදී සේවකයන්ට හිමි වැටුප් සහ අනෙකුත් වරප්‍රසාද අඩුවෙන බව සේවකයෝ පවසති. එම නිසා රාජ්‍ය, සේවය සහ සේවක යන ත්‍රෙපාර්ශවය එකට එකතු වන ජාතික කම්කරු උපදේශක සභාවේදී මේ පිළිබඳව පුළුල් ලෙස සාකච්ඡා කර වාර්තාවක්‌ කැබිනට්‌ මණ්‌ඩලයට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසී ය.

No comments:

Post a Comment

Post Bottom Ad