පවතින ආපදා තත්ත්වය නිසා දකුණු පළාත් සභාවේ මන්ත්‍රීවරුන්ට සෘජුව ජනතාවගේ ප්‍රශ්න වලට මැදිහත්වීමට හැකි වන සේ මන්ත්‍රීවරුන්ට දැනට ලබා දෙන ලක්ෂ 50 ක ප්‍රතිපාදන වලට අමතරව තවත් ලක්ෂ 05 ක් ලබා දීමට තීරණය කළ බව දකුණු පළාත් සභා ප්‍රධාන අමාත්‍ය ෂාන් විජේලාල් ද සිල්වා මහතා පවසයි.
“මෙම මුදලින් රුපියල් 100 000 ක් අවතැන් වු පවුල් වල මුළුතැන් ගෙයි උපකරණ මිලදී ගැනීම සදහාත්, තවත් ලක්ෂයක් පාසල් පොත් අහිමි වු දරුවන්ගේ පොත් පත් ලබා දීම සදහා සහ ඉතිරි ලක්ෂ 3 මාර්ග පිළිසකර කිරීමටත් යොදා ගත හැකියි“ යැයි දකුණු පළාත් මහ ඇමැතිවරයා සඳහන් කළේය. මීට අමතරව 2017 වර්ෂයේ නිවාස, සමාජ සේවා, ග්‍රාම සංවර්ධන යන විෂයන් වලට අදාළව මන්ත්‍රී යෝජනාවලට ලබා දුන් මුදල 50% ක් දක්වා වැඩි කළ බවත් ඒ අනුව එම වැඩිකළ මුදල ද මන්ත්‍රීවරුන්ට ලබා ගැනීමට හැකියාව ඇති බවත් මහ ඇමැතිවරයා වැඩිදුරටත් පැවසීය.

No comments:
Post a Comment