තවත් සුපිරි වමත් පන්දුයවන්නකු ලංකාවෙන් බිහිවෙයි - ලකුණු 03කට කඩුලු 10 ම බිද දමයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, June 6, 2017

තවත් සුපිරි වමත් පන්දුයවන්නකු ලංකාවෙන් බිහිවෙයි - ලකුණු 03කට කඩුලු 10 ම බිද දමයි

ඊයේ (5දා) දින පැවැත්වූ අවුරුදු 17න් පහල පළමු කාණ්‌ඩයේ අන්තර් පාසල් ක්‍රිකට්‌ තරගයකදී ගල්කිස්‌ස සාන්ත තෝමස්‌ විද්‍යාලයේ වමතින් වේගපන්දු යවන ක්‍රීඩක කළණ පෙරේරා විශිෂ්ට පන්දු යෑවීමක නිරතවෙමින් දෙහිවල එස්‌. ද එස්‌. ජයසිංහ විදුහලේ සියලුම පිතිකරුවන් දවාගැනීමට සමත්විය.

පන්දුව කෙළින්ම කඩුල්ලේ වැදීමෙන් දවා ගැනීම් හතකුත්, කඩුල්ල මුවාකිරීමේ වරදට හසුකර ගැනීමෙන් කඩුලු තුනකුත් ලබාගැනීමෙන් එස්‌ ද එස්‌ ජයසිංහ විදුහල ලකුණු 27 කට සීමා කිරීමට ඔහු සමත්විය. පන්දු වාර හතරයි පන්දු හතරකදී මෙම කැපීපෙනෙන දස්‌කම දැක්‌වීමට ඔහු විසින් ලබාදෙනු ලැබුවේ ලකුණු තුනක්‌ පමණක්‌ වීමද විශේෂ සිදුවීමකි. 


මෙම ලබාගත් කඩුලු දහයත් සමග ඔහු මෙම තරග වාරයේ තරග තුනක දී ලබාගත් මුළු කඩුළු සංඛ්‍යාව 23කි. පිළිතුරු ඉනිමේදී සාන්ත තෝමස්‌ විද්‍යාලය එක්‌ කඩුල්ලක්‌ පමණක්‌ දැවී ජයග්‍රාහී ඉලක්‌කයට ළඟාවීමට සමත්විය. එහිදී තෙවින් ඊරියගම විසින් නොදැවී ලකුණු 22ක්‌ ලබාගන්නා ලදී.

 

No comments:

Post a Comment

Post Bottom Ad