අද උදෑසන පැවති අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදී මුදල් අමාත්‍යවරයා වශයෙන් කටයුතු කල රවී කරුණානායක එම ධූරයෙන් ඉවත් කල අතර ඒ වෙනුවට අමාත්‍ය මංගල සමරවීර පත්කර ගන්නා ලදි. මෙම ඉවත්කිරීමට හේතු මොනවාද යන්න පිළිබඳව සමාජය තුල දැඩි කතාබහට ලක්වන මාතෘකාවක් බවට පත්ව තිබේ.
රවී කරුණානායක විසින් සිය අමාත්‍යධූරය යොදාගනිමින් අනීතික ලෙස සිය පෞද්ගලික ව්‍යාපාර වර්ධනය කර ගැනීම සඳහා යම් යම් පියවර රාශියක් ගෙන ඇති බව අනාවරණය වී තිබේ. වරායේ ගුදම් අවභාවිත කරමින් සිය සමාගමට අනීතික ලාභයක් උපයාගැනීමට සැලැස්වීම ඒ අතරින් ප්‍රමුඛ වේ.
බැදුම්කර මූල්‍ය වංචාවට සම්බන්ධ වෙමින් ආසන්න වශයෙන් රුපියල් මිලියන 14,000 පමණ පාඩුවක් සිදුකිරීම තවත් එක් වැදගත් කරුණකි. වරින් වර විවිධ වෙබ් අඩෙවි විසින් වාර්තා කල අන්දමට රවී කරුණානායක විසින් රුපියල් මිලියන ගණනක් වටිනා නිවාස, ඉඩකඩම් සහ යානවාහන සිය දරුවන්ගේ සහ බිරිඳගේ නමට පසුගිය සමයේදී මිලදී ගෙන තිබේ. ලැබී ඇති ඉහළ වටිනාකමකින් යුතු තෑගි බෝගද බොහෝමයකි.
පසුගිය සමයේදී මෙරට ප්‍රමුඛතම සිංහල ව්‍යාපාරිකයින් රැසක් එක්ව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී රවී කරුණානායක මහතා විසින් ගනු ලබන ආර්ථික තීරණ රටට් ඉතා අහිතකර බව පෙන්වා දුන් අතර එම හමුව සංවිධානය කලේද එජාප අමාත්‍යවරයෙකු වන දයා ගමගේ මහතාය.
තමන්ට සිය ධූරයන් අහිමි වන බව දැනගත් වහාම රවී මහානායක හිමිවරුන්ට වොල්වෝ කාර් පූජාවක්ද පැවැත්වූ නමුත් එහි පින පටිසන් දී නොමැති බව අද් ඔහුට සිය අමාත්‍යධූරය අහිමිවීමෙන් පෙනේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට අවශ්‍යවී ඇත්තේ මේ රට නිසි දිශාණතියකට යොමුකර නිවැරදි ආර්ථික උපායමාර්ග හරහා දියුණු කිරීම බව මෙම තීරණ සමඟ අපට පැහැදිලි වේ.
Monday, May 22, 2017
රවී මුදල් ඇමතිකමින් ඉවත්කල හේතු මෙන්න! (Exclusive)
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment