රුපියලක හොරකමකට පුංචි දරුවන් දෙන්නෙක්ට දීපු අමාණුෂික දඬුවම - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, May 22, 2017

රුපියලක හොරකමකට පුංචි දරුවන් දෙන්නෙක්ට දීපු අමාණුෂික දඬුවම

කුඩා දරුවෙකු වැරැද්දක් කරාම ඒ වැරැද්ද නොකරන ලෙසට ඔවුන්ට පුංචි දඬුවමක් දීම සාමාන්‍ය ක්‍රියාවක්. හුගක් අය එහෙම කරන්නේ අයේ ඒ වැරැද්ද කරන විට ලැබුනු දඩුවම මතක් කරදෙන්නයි. ඒ වෙලාවට එයා ඒ වැරැද්ද කරන්න හිතන්නෙවත් නැහැ. ඒත් වැරැද්දක් කරපු පළියට පුංචි දරුවන්ට අමානුෂික ලෙස වද හිංසාදීම හරි ද ?

ඒ විදිහට පුංචි වැරැද්දක් කරපු දරුවන් දෙදෙනකුට අමානුෂික ලෙස වදදීලා කරපු කැතවැඩක් තමයි අපි දැන් කියන්න යන්නේ. ඉන්දියාවේ මුම්බායි නගරයේ Ulhasnagar ප්‍රදේශයේ ජීවත්වන වයස අවුරුදු 8ක සහ 9ක දරුවන් දෙදෙනෙකු ක්‍රීඩාකරමින් ඉදලා තියෙනවා. හොරකම් කිරීමේ පරමාර්ථයක් නොමැතිවුවත් විහිළුවක් විදිහට මේ දරුවන් දෙදෙනා ඒ ළගම තිබ්බ කඩයකින් මුරුක්කු පැකට්ටුවක් අරගෙන තියෙනවා.

එහි වටිනාකම ඉන්දීය රුපියලක් කියලයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ. ඒත් ඒ සිද්ධිය දැකපු අය කියලා තියෙන්නේ ඔවුන් එම පැකට්ටුව හොරකම් කරා කියලා. ඉතිං කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැති කඩේ මුදලාලි ඇතුළු සියලුදෙනාම එකතුවෙලා මේ දරුවන් දෙදෙනා නිරුවත් කරලා, එයාලගේ බෙල්ල වටේට සෙරප්පු ගැටගහලා, එයාලාගේ හිසකෙන් මැද හරියෙන් සම්පූර්ණයෙන් ඉවත් කර තියෙනවා.

මෙය දැකපු කවුරුත් ඒ දරුවන් බේරා ගැනීමට උත්සාහ කරනවට වඩා කරලා තියෙන්නේ මේ සිද්ධිය ජංගම දුරකතන වලින් වීඩියෝ කිරීමයි.







No comments:

Post a Comment

Post Bottom Ad