උතුරුමැද පළාතේ සෞඛ්‍ය අමාත්‍ය කේ.එච් නන්දසේන මහතා වහාම කි‍්‍රයාත්මක වන පරිදි එම ධුරයෙන් ඉවත් කර තිබෙනවා. නව සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස එම්.හේරත් බණ්ඩා මහතා අද උදෑසන උතුරුමැද පළාත් ආණ්ඩුකාරවරයා ඉදිරියේ දිවුරුම් දී ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.
උතුරුමැද පළාත් සෞඛ්‍ය දේශීය වෛද්‍ය, සමාජ සුභසාධන, පරිවාස ළමාරක්ෂක සේවා මෙන්ම පරිසර හා පළාත් සභා කටයුතු පිළිබඳ අමාත්‍යවරයා ලෙස මෙතෙක් කටයුතු කලේ කේ.එච් නන්දසේන මහතායි. වහාම කි‍්‍රයාත්මක වන පරිදි නන්දසේන මහතා එම ධුරයෙන් ඉවත් කර තිබෙනවා.
ඒ වෙනුවට එම්.හේරත් බණ්ඩා මහතා උතුරුමැද පළාත් සෞඛ්‍ය දේශීය වෛද්‍ය, සමාජ සුභසාධන, පරිවාස ළමාරක්ෂක සේවා මෙන්ම පරිසර හා පළාත් සභා කටයුතු පිළිබඳ අමාත්‍යවරයා ලෙසයි අද උදෑසන උතුරු මැද පලාත් ආණ්ඩුකාර සී.බී. දිසානායක මහතා ඉදිරියේ දිවුරුම් දී ඇත්තේ.
සිය තනතුර අහිමිවීම පිළිබඳව කේ.එච් නන්දසේන මහතා මෙලෙස අදහස් පළ කළා.
Thursday, May 11, 2017
උතුරුමැද පළාතේ සෞඛ්‍ය ඇමති ඉවත් කෙරේ – නව ඇමති ලෙස එම්.හේරත් බණ්ඩා පත් කෙරේ
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment