මංගල හා කිලී අතර විශේෂ හමුවක්. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, May 25, 2017

මංගල හා කිලී අතර විශේෂ හමුවක්.

ජනමාධ්‍ය හා මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා හා MBC මාධ්‍ය ජාලයේ හිමිකරු කිලී මහරාජා මහතා අතර හමුවක් ලබන බදාදා (31) වැනිදා සිරස මාධ්‍ය ජාලය තුළදී සිදුවන බව වාර්තා වේ. සමරවීර මහතා විසින් කරන ලද ඉල්ලීමකට අනුව කිලී මහරාජා මහතා මේ සුහද ආරාධනය කර ඇතැයි පැවසේ.

සමරවීර මහතා හා මහරාජා මහතා අතර පසුගිය කාලයේදී දැඩි වාග් සංග්‍රාම පැවැති අතර බොහෝවිට සමරවීර මහතා මහරාජා මහතාගේ මාධ්‍ය ජාලය තුළ විවේචනයට ද ලක්විය. සමරවීර මහතා ජනමාධ්‍ය අමාත්‍ය ධූරයේ වැඩ ඇල්ලීමෙන් පසුව ස්වර්ණවාහිනී, දෙරණ, හිරු හා සියත ඇතුළු සියලු රූපවාහිනී, ගුවන්විදුලි, පුවත්පත් හා ප්‍රධාන වෙබ් අඩවි ඇතුළු පෞද්ගලික මාධ්‍ය ආයතනවල සංචාරය කිරීමටද සැලැසුම්කර ඇතැයි ජනමාධ්‍ය අමාත්‍යංශ ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

ඔහු මෙසේ අදාළ පෞද්ගලික මාධ්‍ය ආයතනවල සංචාරය කිරීමට නියමිතව ඇත්තේ රජයේ මතය අදාළ මාධ්‍ය ආයතන වෙත දැනුම් දීම සඳහාය. මෙහිදී සියලුම මාධ්‍ය ආයතන වෙතින් සංහිදියාව ඇති කිරීමේ වගකීමට දායක වන ලෙසත් සංහිඳියාවට හානිවන ආකාරයේ මාධ්‍ය හැසිරීම්වලින් ඈත්වන ලෙසත් ඉල්ලීමට ඒ මහතා සැලැසුම්කර ඇති බව පැවසේ.

(SLM)

No comments:

Post a Comment

Post Bottom Ad