වසරක 30 කට වැඩි කාලයක් තිස්සේ කණ්ඩායම් සංගීත කලාවේ ඉහලම නාමයක් දිනා තිබූ සන්ෆලවර් සංගීත කණ්ඩායම ආරම්භ කිරීමේ ගෞරවය නීල් වර්නකුලසුරිය නම් වූ නායකයාට හිමිවිය.එහි කිසිදු විවේචනයක් නැත.ලංකාවේ හොඳම සංගීත කණ්ඩායමේ නියමුවා හොඳම නායකයා ද ඔහුය.
“නීල් අයියා සන්ෆලවර් එක විකුණලා බං…දැන් තාල් බෑන්ඩ් එක කරගෙන යනවලු.. කෝටි ගානකට විකුණලා තියෙන්නේ ශාන්ටලු..”
මේ ඇතැම් සංගීත කණ්ඩායම් වල සාමාජිකයින් මේ දිනවල කතා කරන සුවිශේෂී මාතෘකාවකි.
කෙසේ වෙතත් ආරංචියේ හැටියට ඇත්තටම සන්ෆලවර් බෑන්ඩ් එක නීල් වර්ණකුලසුරිය විසින් විකුණා දමා තිබේ.ඉදිරියට භාරගත් සංගීත ප්‍රසංග 70 ක් දක්වා නීල් සහභාගී වන අතර ඉන් පසුව සියලුම කටයුතු මෙහෙයවනු ලබන්නේ සංගීත කණ්ඩායම මිලදීගත් ශාන් නැමැත්තාය.ශාන් නැමැත්තා මීට කලින් මහින්ද සිල්වා ප්‍රමුඛ සුපර්ස්ටාර් සංගීත කණ්ඩායමද මහින්ද සිල්වාගෙන් මිලදී ගත්තේය.
ශ්‍රී ලාංකීය රසික පිරිස වැඩියෙන්ම ආදරය කල සංගීත කණ්ඩායම වුයේ සන්ෆ්ලවර්ය.තවමත් රිද්මය මිනිසුන්ගේ මතකයේ ඇත.අතුල අධිකාරී,මහින්ද සිල්වා,අර්නි පීරිස් මුලින්ම කණ්ඩායම හැරගිය ගියේය.සංගීත කණ්ඩායමේ පසුබෑම ආරම්භ වුයේ පසුගිය වසර කිහිපය අතර තුර විවිධ ශිල්පින් එහා මෙහා මාරුවීමත් සමග බවත් ඇතැම් රසිකයෝ පවසති.
කෙසේ වෙතත් සන්ෆලවර් විකිණීමට ආසන්නම හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.තාල් සංගීත කණ්ඩායම ඉදිරියට පවත්වා ගෙන යාමට නීල් වර්ණකුලසූරිය කටයුතු කරන ඔහුගේ හිතවතුන් කිහිපදෙනෙක් පවසා තිබේ.
Tuesday, May 16, 2017
සන්ෆ්ලවර්ස් සංගීත කණ්ඩායම විකුණා දමයි
Tags
# ඕපාදුප
Share This
About විගස පුවත් I Vigasapuwath
ඕපාදුප
Labels:
ඕපාදුප
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment