සමයං මැරූ අංගොඩ ලොක්කා ඉන්දියාවේදී අත්අඩංගුවට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, May 22, 2017

සමයං මැරූ අංගොඩ ලොක්කා ඉන්දියාවේදී අත්අඩංගුවට

පසුගිය පෙබරවාරි 27 වනදා පාතාල කල්ලි නායක සමයං ඇතුලු 07 දෙනෙකු කළුතරදී වෙඩි තබා ඝාතනය කිරීමේ මෙහෙයුමේ මූලිකයා වූ බව කියන ලසන්ත චන්දන පෙරේරා හෙවත් අංගොඩ ලොක්කා නැමැති පාතාල කල්ලි නායකයා ඉන්දියාවේදී අත්අඩංගුව ගැනීමට අද හැකිවූ බව පොලිසිය දන්වා සිටී. 

ඔහු සමග තවත් අයෙකුද අද අත්අඩංගුවට ගෙන ඇති අතර පෙරකී ඝාතනයෙන් පසු ඔහු ඉන්දියාවට පළාගිය බවට ලැබුණ තොරතුරු ඔස්සේ ශ්‍රී ලංකා පොලිසිය ඉන්දීය පොලිසියේ සහාය ලබාගෙන මෙම වැටළීම සිදුකරවා තිබේ. සැකකරුවන් රැඳී සිට ඇත්තේ ඉන්දියාවේ චෙන්නායිහිය. 

කළුතර වෙඩි තැබීම සිදු වූ දිනයේදීම හෝ ඊට ආසන්න දිනකදී සැකකරුවන් කල්පිටිය ප්‍රදේශයෙන් බෝට්ටුවක් මගින් ඉන්දියාවට පළා ගොස් ඇති බවද සොයාගෙන තිබේ. අත්අඩංගුවට පත්වන අවස්ථාවේ ඔවුන් දෙදෙනා ව්‍යාජ ගමන් බලපත්‍රද සකස් කරගෙන සිටි බව හෙළි විය.

No comments:

Post a Comment

Post Bottom Ad