“මට කියන්නේ තුවක්කු අරගෙන ගිහින් මේවා නවත්වන්නද? “… එජාපය – සන්ධානය ගාල්ලේදී ගැටෙති - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, May 22, 2017

“මට කියන්නේ තුවක්කු අරගෙන ගිහින් මේවා නවත්වන්නද? “… එජාපය – සන්ධානය ගාල්ලේදී ගැටෙති

අක්මීමන වලහන්දූව වත්තේ ඉඩම් ලබාදීම හා  කපුහේම්පල නන්දිමිත්‍ර විද්‍යාලයේ ඉඩමක් අන්සතු කිරීම සම්බන්ධයෙන්අද (22දා) පැවැති ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්විමේදී උණුසුම්කාරී තත්ත්වයක් ඇති විය. සන්ධානයේ ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී වෛද්‍ය රමේෂ් පතිරණ හා සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපති හා එ.ජා.ප. මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහතා අතර උණුසුම් වචන හුවමාරුවක්ද ඇති විය.

සන්ධානයේ දකුණු පළාත් සභා මන්ත්‍රී ක්‍රිෂාන්ත පුෂ්පකුමාර මහතා මෙහිදී රමේෂ් පතිරණ මහතාට සහයෝගය ලබාදෙමින් අදහස් පළ කිරීමත් සමග සම්බන්ධීකරණ කමිටු රැස්විම තුළ දැඩි උණුසුම් තත්වයක් ඇති විය.

වෛද්‍ය රමේෂ් පතිරණ මහතා,

අපේ රජයේ කාලයේ මේ විදියට ව්‍යාපාරිකයන්ට ඉඩම් ලබාදීමට කටයුතු කළේ නැහැ.කපුහේම්පල නන්දිමිත්‍ර විද්‍යාලයේ අක්කර පහක ඉඩමක් අවසතුකරලා තියෙනවා. අපේ රජය කාලයේ අපි ඒ ඉඩම ආරක්ෂාකරගෙන හිටියා.ඒ සඳහා නිලධාරීන්ට අවශ්‍ය ශක්තිය ලබා දුන්නා. නීතිපති දෙපාර්තමේන්තුවට කතා කරලා අවශ්‍ය සහයෝගය ලබා දුන්නා. නමුත් දැන් ඒ ඉඩම ලබාදීලා අතරමැදි අයෙකුට. යක්ගහ හන්දියේ බැකෝ දමලා ඉඩමක් සංවර්ධනය කරනවා, පාරවල් කපනවා. මගේ කාලයේ විද්‍යා පීඨය අසල අක්කර 25ක් ඉඩම අපි ආරක්ෂා කළා. නමුත් දැන් ඒ ඉඩම් අක්කර 25ම ව්‍යාපාරිකයෙකුට දීලා අපේ කාලයේ එහෙම ඉඩම් දුන්නේ නැහැ. අක්මිමන කැළිකසල වි්‍යාපෘතියකට තමයි මේ ඉඩම වෙන්කොට තිබුණේ.

සම සභාපති විජේපාල හෙට්ටිආරච්චි මහතා

මට කියන්නේ තුවක්කු අරගෙන ගිහින් මේවා නවත්වන්නද? පසුගිය රජය කාලයේ තමයි ඉඩම් ජාවාරම සිදුවුණේ. කපුහේම්පල  නන්දමිත්‍ර විද්‍යාලයේ ඉඩම ගැසට් කළේ පසුගිය රජය කාලයේ. නීත්‍යනුකූල නොවන දේවල් කරන්න මට බැහැ. ඇයි මන්ත්‍රීතුමා ඒ කාලයේ මේවා ගැන කතා නොකළේ? කිසිදු අයෙකුට අනවසරයෙන් ඉඩම් අල්ලාගන්න දෙන්නෙ නැහැ. පසුගිය කාලයේ ඉඩම් අල්ලපු හැටි මගෙන් අහගන්න එපා. හිටපු පළාත් සභා මන්ත්‍රීවරයෙකු අක්කර 05ක් අල්ලා ගත්තා, හිටපු ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයෙකු තමන්ගේ රියදුරාගේ නමින් ඉඩමක් අල්ලාගත්තා. මේ විදියට තමයි එදා ඉඩම් ඇල්ලුවේ.

දොස්තර රමේෂ් පතිරණ මහතා,

අපි  ඉල්ලන්නේ මේ සඳහා ඔබතුමාට මැදිහත් වෙන්න කියලා. සම්බන්ධීකරණ කමිටුවල අනුමැතියෙන් ව්‍යාපෘති සඳහා ඉඩම් ලබාදීලා තියෙනවා.අපේ කාලයේ රජයේ ඉඩම් අපි ආරක්ෂා කළා. ඔබතුමාට එහෙම දෙන්න අවශ්‍ය නම් ඔක්කොම ඉඩම් ටික දීලා දමන්න.

විජේපාල හෙට්ටිආරච්චි මහතා

මට කිසි අයෙකුට ඉඩම් ලබාදෙන්න අවශ්‍ය නැහැ.මම එහෙම කරලත් නැහැ.අපි එහෙම කිසිදු ඉඩමක් අරගෙනත් නැහැ. නමුත් ඉඩම් අල්ලාගත්තු දේශපාලනඥයන් ඉන්නවා. ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපති විජේපාල හෙට්ටිආරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් සම්බන්ධීකරණ කමිටු රැස්වීම ගාල්ල දිස්ත්‍රික් ලේකම්කාර්යාලයේදී පැවැත්විණි.

-ada

No comments:

Post a Comment

Post Bottom Ad