ප්‍රයෝජනයට ගත්ත අය ගැන අනූෂා සොනාලි කියන කතාව - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, May 27, 2017

ප්‍රයෝජනයට ගත්ත අය ගැන අනූෂා සොනාලි කියන කතාව

රංගන ශිල්පිණී අනූෂා සොනාලි මේ වනවිට 'මයෝපති’ රෝගය හේතුවෙන්  මාංශපේශි අක්‍රිය වීම නිසා සිටින්නේ රෝද පුටුවේයි. ඇය තමන් ඉතිහාසයේ කළ වැරදි සම්බන්ධයෙන් පුවත්පතකට සාකච්ඡාවක් ලබා දී තිබෙනවා.

ඇතැමුන් තමන්ව ප්‍රයෝජනයට ගත් බවයි ඇය එහිදී සඳහන් කර ඇත්තේ.

"අසනීප තත්ත්වයක් තිබුණත් මම සතුටින් ඉන්නවා. දැන් තමයි ජීවිතය හරියටම දකින්නේ. මොකද හුදකලාව රෝද පුටුවක ඉන්න කොට එදාට වඩා අද වෙනස් විදියට ජීවිතය දකිනවා. මේ වෙනකොට තේරුම්ගෙන ජීවිතයේ කඳුළ අමතක කර සතුට එක්ක ජීවත් වෙනවා. මට වංචා කරපු, මාව ජීවිතෙන් වටිටපු අය මට වැරැද්දුවත් මම මගේ හිත වට්ටගත්තෙ නෑ. මම දවසක නැගිටිනවා. එහෙම හිතන් සතුටින් ඉන්නවා.

ආදරය සුන්දර විදිහට දකින කෙනෙක් මම. ආදරය ජීවිතයට නැතුවම බැරි තැනක හිටියා. මම ආදරය කරපු කිසිම කෙනෙක් අද මම ගාව නෑ. ආදරයේදී පෙම්වතියක් වගේම සහෝදරියක්,මවක්,යහළුවෙක්වගේ ආදරය දෙන කෙනෙක් මම. ආදරයේදී අවංක වුණාට ඒ අවංකකම මට ලැබුණෙ නෑ. මාව ප්‍රයෝජනයට ගත්ත අයත් හිටියා.

මිනිස්සු ගැන කලකිරීමක් තියෙනවා..වැරදි මිනිස්සු නිසා මගේ කාලය මුදල් අපතේ ගියා. ඒකට මම පසුතැවෙනවා. අදටත් සමහර අය මම ගැන කතාකරනකොට මාව හරියට දන්නෙත් නැතිව මට දොස්කියනවලු. ළඟදී දවසක කලාකරුවන් කිහිපදෙනකු රැස්වුණ තැනක කෙනෙක් කියල තියෙනවා මට උදව්කරන්න ඉන්න කෙනකුටවත් උදව් කරන්න ඉඩ දෙන්නේ නෑ කියලා."

No comments:

Post a Comment

Post Bottom Ad