දැනගත යුතුම කරුණක් - දියේ ගිලුන අයෙකු බේරා ගත යුත්තේ මෙලෙසයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, May 27, 2017

දැනගත යුතුම කරුණක් - දියේ ගිලුන අයෙකු බේරා ගත යුත්තේ මෙලෙසයි

දියේ ගිලුන අයෙකු බේරා ගැනීමේදී අනුගමනය කළ යුතු පියවර පහතින් දැක්වෙනවා.

1-දියේ ගිලෙමින් පවතින අයෙකු බේරාගැනීමේදී ඔබට ඒ පිළිබද පළපුරුද්දක් නැතිනම් ඒ සදහා පළපුරුදු ඇති කෙනෙකුගේ උදව් ඉල්ලා සිටින්න.


2-පළපුරුදු කෙනෙකු නිවැරදි පිළිවෙත් අනුගමණය කරමින් ඔහු ගොඩට රැගෙන ආ යුතුය. ඔහු හුස්ම නොගන්නේනම් සහ ඒ සදහා බොහෝ කාලයක් ගත වන්නේනම් ගොඩට එන අතරතුරද මුඛයට ,මුඛය තබා හුස්ම ලබා දිය හැකිය. එනමුදු ඒ සදහා මනා පළපුරුද්දක් තිබිය යුතු අතර පළපුරුදු නැතිනම් කඩිනමින් ගොඩට ඒම කළ යුතුය.


 

3-එසේ නැතිනම් වෙනත් විකල්ප ක්‍රම මගින් ඔහු බේරන්න උත්සාහ කරන්න. ඔබ ආරක්ෂිතවී සපයා ගත හැකි ඕනෑම උපකරණයක් මගින් රෝගියා බේරන්න උත්සාහ ගන්න. උදා. කඹයක් , දිග ලීයක් . පාවෙන උපකරණයක් හෝ මිනිස් දම්වැලක් මගින් කෙනෙකුගේ ජීවිතය බේරා ගත හැකිය.


 

4-ගොඩට ගත් පසු හිස, ගෙළ සහ කෂේරුකා ස්ථාවරව තබා ගන්න .
නිකට මදක් ඔසවා නළල මදක් පහත්කර හුස්ම ගන්නා මාර්ගය නිවැරදිව පවත්වාගන්න.



 

5-මුඛය ආසන්නයේ යම් දෙයක් සිරවී ඇතිබව පෙනේනම් එය තම ඇගිළි මගින් ආරක්ෂිතව ඉවත් කළ හැකිය. එය සංයමයෙන් කළ යුතුය. නැතිනම් එමගින් තව දුරටත් ශ්වසන මාර්ගය අවහිර විය හැකිය.


 

6-තම කම්මුල රෝගියාගේ නාසය සහ මුඛය අසළ තබා හුස්ම වැටේදැයි ඇසීමෙන් . දැනීමෙන් විනිශ්චය කරන්න. ඇස්දෙකෙන් රෝගියාගේ පපු ප්‍රදේශය උස්පහත් වන්නේදැයි තත්පර 5 ක් 10 ක් පමණ බලා හුස්ම ඇති නැති බව විනිශ්චය කරන්න.


 

7-රෝගියා හුස්ම ගන්නේනම් පැත්තට හරවන්න. රෙදි පොරවනයකින් හොදින් පොරවන්න. අධීක්ෂණය කරමින් රෝහල කරා රැගෙන යන්න.


 

8-හුස්ම නැතිනම් හෝ ඉතා අපහසුවෙන් අසීරුව හුස්ම ගන්නේනම් වහා හුස්ම වාර 5 ක් ලබා දෙන්න. (තත්පරයකට එක ගානේ) ඉන් අනතුරුව පපුව මධ්‍යයට පපු තෙරපුම් වාර 30 ක් ලබා දෙන්න.

 

9-අඛන්ඩව පපු තෙරපුම් වාර 30 - හුස්ම වාර 2 ක්‍රියාත්මක කරමින් සුදුසු වාහනයක දමා පහසුකම් ඇති රෝහලක් කරා රැගෙන යන්න. ශරීර උෂ්නත්වය පාලනය කිරීමට රෝගියා රෙද්දකින් පෙරවීමටත් අමතක නොකරන්න


 

(පුෂ්පා සොයිසා හෙද නිලධාරිනිය) 

No comments:

Post a Comment

Post Bottom Ad