පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් පිරිසකට පිළියන්දල දී එල්ල කළ වෙඩි ප්‍රහාරය සම්බන්ධයෙන් මූලික වාර්තාවක් සකස් කරන ලෙස විෂය භාර ඇමැති සාගල රත්නායක මහතා ලබා දුන් නියෝගය ක්‍රියාත්මක කිරීමට පොලිස්පතිවරයා මෙතෙක් කටයුතු කර නැත. මේ සම්බන්ධ පරීක්ෂණ පොලිස් විශේෂ කාර්ය බලකාය භාර නියෝජ්‍ය පොලිස්පති ලතීෆ් මහතාට භාර දෙන ලෙස ද ඇමැතිවරයා උපදෙස් දී තිබිණි.
එහෙත් මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසුවේ මෙතෙක් ඊට අදාළ කිසිදු දැනුම්දීමක් තමන්ට කර නැති බවයි. අදාළ පරීක්ෂණ කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදීමට කටයුතු කරන බව පසුව පොලීසිය පවසා තිබිණි. මේ සම්බන්ධයෙන් විමසීමට සාගල රත්නායක ඇමැතිවරයා සම්බන්ධ කර ගැනීමට අප ගත් උත්සාහය ව්‍යර්ථ වූයේ ඔහු අගමැතිවරයා සමග යාපනයේ සංචාරයක නිරත වන බවත්, ඔහුට දුරකතනය ලබා දිය නොහැකි බව පැවසූ නිසාත් ය.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ප්‍රියන්ත ජයකොඩි ද අදාළ කරුණ සම්බන්ධයෙන් විමසීමක් කිරීමට අවශ්‍ය බව දැන්වූ පසු ඔහුට රැස්වීම් කිහිපයක් ඇති බවත්, එයින් පසු ගන්නා ලෙසත් දැන්වීය. පුවත්පත මුද්‍රණයට යන තුරු ඔහුගේ රැස්වීම් අවසන් වී තිබුණේ නැත. කෙසේ වෙතත් පොලීසියේ ඉහළ පෙළේ ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් පරීක්ෂක නියොමාල් රංගජීව ඇතුළු නිලධාරීන් ඝාතනය කිරීමට දැරූ උත්සාහය සම්බන්ධයෙන් විධිමත් වාර්තාවක් මෙතෙක් සකස් නොකිරීමට විශේෂ හේතුවක් බලපා තිබේ.
ඊට හේතුව මේ සිද්ධියත් සමග මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය අතර පවතින සම්බන්ධතා රැසක් හෙළිදරව් වීමට වැඩි ඉඩක් පවතින බව පෙනී යාම ය. එසේ වාර්තාවක් සකස් කළහොත් එමගින් පොලීසිය අපකීර්තියට පත්වීම නොවැළැක්විය හැකි නිසා එය දිගටම ප්‍රමාද කරමින් තිබෙන බවත්, ඒ හරහා තවදුරටත් මේ මාෆියාව ක්‍රියාත්මක කිරීමට පොලිස්පතිවරයා නොනිල අවසරයක් දී ඇති බවත් අදාළ ආරංචි මාර්ග අවධාරණය කරයි.
විෂය භාර ඇමැති සාගල රත්නායක චීනයේ සංචාරය කිරීමට පෙර ද නැවත වරක් පොලිස්පතිවරයාට මීට අදාළ උපදෙස් දී ඇති බව ඇමැතිවරයාගේ ලේකම්වරයෙක් පැවසීය. පොලිස්පතිවරයා මෙහි දී පොලීසිය අපකීර්තියට පත්වීම වැළැක්වීමේ දුර්වල උත්සාහයක නිරත වී සිටින බව ඇමැතිවරයාගේ පාර්ශ්වයේ අදහසයි.
(සත්හඬ)
Saturday, May 20, 2017
පොලිස්පති ‘පිළියන්දල වාර්තාව’ සඟවන හේතුව?
Tags
# අනාවරණ
Share This
About විගස පුවත් I Vigasapuwath
අනාවරණ
Labels:
අනාවරණ
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment