එක්සත් ජනතා නිදහස් සන්ධානය විසින් බලය හොබවන උතුරු මැද පළාත් සභාව නියෝජනය කරන ශ්‍රීලනිප මන්ත්‍රීන් බහුතරයක් ස්වාධීන වීමට තීරණය කර ඇතැයි එම පළාතේ සභාවේ හිටපු ඇමති එස්. එම්. රංජිත් මහතා සදහන් කරයි.
ඔහු පෙන්වා දෙන්නේ මෙම තිරණය ගනු ලබන්නේ ශ‍්‍රීලනි පාක්ෂිකයන්ට සිදුවන අසාධාරණයන්ට විරෝධය පළ කිරීමට බවයි. සන්ධානයේ බහුතර මන්ත්‍රීවරුන් පිරිසක් ස්වාධීන වුවහොත් සභාව පවත්වාගෙන යාමට නොහැකි තත්වයකට පත්වනු ඇතැයිද ඔහු පෙන්වා දෙයි. මන්ත‍්‍රී අසුන් 33ක් සහිත පළාත් සභාවේ සන්ධාන මන්ත‍්‍රී 21ක් එජාප මන්ත‍්‍රීන් 11ක් හා ජවිපෙ මන්ත‍්‍රීවරයෙක් වෙයි.
මේ අතර මාධ්‍ය හමුවක් අමතමින් පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්.එම්. චන්ද්‍රසේන කියා සිටියේ උතුරු මැද සභාවේ බලය ස්ථිර වශයෙන්ම ඒකාබද්ධ විපක්ෂයට ලබාගන්නා බවයි. තවත් මාස තුනකින් උතුරු මැද, සබරගමුව හා නැගෙනහිර පළාත්සභාවල නිල කාලය අවසන් වීමට නියමිතය.
Thursday, May 11, 2017
Home
දේශපාලන පුවත්
ඡන්දෙට කලින්ම පේෂලගේ හුලං බහී.. උතුරු මැද බහුතරය ස්වාධින වීමට සූදානම්.. උතුරු මැද බලය ඒකාබද්දයට..
ඡන්දෙට කලින්ම පේෂලගේ හුලං බහී.. උතුරු මැද බහුතරය ස්වාධින වීමට සූදානම්.. උතුරු මැද බලය ඒකාබද්දයට..
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment