ජලය පානය පරිස්සමෙන්: කොළඹට ජලය සපයන නල කැඩී යයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, May 29, 2017

ජලය පානය පරිස්සමෙන්: කොළඹට ජලය සපයන නල කැඩී යයි

වර්ෂාව නිසා ඇති වූ ආපදා තත්ත්වයෙන් ප‍්‍රදේශ කිහිපයක ජල සැපයුමට ද මේ වනවිට බාධා පැමිණ තිබේ. කොළඹට ද ජල සැපයුම සිදු කෙරෙන්නේ අඩු පීඩනයක් යටතේ බවත් ලබුගම ජල නල කිහිපයක් ගංවතුර හේතුවෙන් කැඩී ගොස් ඇති බවත් දැනට විකල්ප ජල නල මාර්ග හරහා ජලය ලබා දීමට පියවර ගෙන ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ සභාපති කේ. ඒ. අන්සාර් මහතා පැවසී ය.

දකුණු පළාතේ ද ජල සැපයුම මේ වනවිට සිදු කෙරෙන්නේ අවහිරතා සහිතව බව වාර්තා වෙයි. මාතර ජල පොම්පාගාර 04 න් 03 ක් මේ වන විට ගංවතුරට යට වී ඇති බවත් එම පොම්පාගාර 03 ම මේ වන විට මුලුමනින්ම අක්‍රිය වී ඇති බවත් ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සඳහන් කරයි. ඒ අනුව දැනට ජලය ලබාදීමේ කටයුතු එක් පොම්පාගාරයක් හරහා සිදු කෙරේ.

අධික වර්ෂාව නිසා ඇතිවන ගංවතුර තත්ත්වයන් සමග ජලය සහ ආහාර මඟින් ව්‍යප්ත වන රෝග වේගයෙන් පැතිර යා හැකි බවට වෛද්‍යවරුන් පවසයි. මේ නිසා මහජනතාව පානීය ජලය පිළිබඳ මේ දිනවල වඩා විමසිලිමත් විය යුතු බව වෛද්‍යවරුන් පවසති. මේ දිනවල ජලය පානය කිරීමේදී උණුකර නිවාගත් ජලය පානය කිරීමට සෑම විටම සිදු කළ යුතු බවත් ආපදා තත්ත්වයන්ට ලක්ව ඇති පිරිස් කඳවුරු තුළදී හැකි තරම් බෝතල් කළ ජලය පානය කිරීමට කටයුතු කළ යුතු බවත් සෞඛ්‍ය අංශ වාර්තා කරයි.

No comments:

Post a Comment

Post Bottom Ad