ආපදාවෙන් ලක්ෂ තුනක් අඳුරේ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, May 29, 2017

ආපදාවෙන් ලක්ෂ තුනක් අඳුරේ

මහ වැසි සමඟ ඇති වූ විදුලි බිද වැටීම් සහ විසන්ධි කිරීම් හේතුවෙන් පාරිභෝගිකයින් ලක්ෂ දෙකහමාරකට වැඩි පිරිසකට තවමත් විදුලිය නොමැති බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශය පවසයි.

අධික වර්ෂාව හේතුවෙන් විදුලි බෙදා හැරීමේ පද්ධතියට සැළකියයුතු හානි සිදුව ඇති බවත් හානි වූ විදුලි පද්ධතීන් පිළිසකර කිරීමේ කටයුතුවලට ද බාධා පැමිණ ඇති බවත් විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශයේ සංවර්ධන අධ්‍යක්ෂ සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේය. 

ඒ අනුව පවතින ගංවතුර තත්ත්වය හේතුවෙන් මෙම බාධා මතුව ඇති බව ඒ මහතා සඳහන් කළේය. මේ අතර ආපදා හේතුවෙන් ගෘහස්ත විදුලි පද්ධතීන්ට සිදුවූ බව කියන සුළු හානි ද නොමිලේ පිළිසකර කර දෙන බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශය ඊයේ (27) නිවේදනය කළේය.

විදුලි බිඳ වැටීම් දැනුම් දීම සඳහා දුරකථන අංක 03 ක් ද විවෘතය. 1987 දුරකථන අංකයෙන් ලංකා විදුලිබල මණ්ඩලයට ද 1910 දුරකථන අංකයෙන් ලංකා විදුලි පුද්ගලික සමාගමට ද එවැනි බිද වැටීම් දැනුම් දිය හැකි වෙයි. නැතහොත් 1901 දුරකථන අංකයෙන් විදුලි බල අමාත්‍යංශයට ද ඒ පිළිබඳ දැනුම් දිය හැකිය.

මේ අතර මාතර ග්‍රිඩ් උප පොළ ජලයෙන් යටවී ඇති අතර ඒ අනුව 1,36000 පිරිසකට විදුලිය නොමැති බව වාර්තා වෙයි. ඒ අනුව 50000ක පමණ පිරිසකට තංගල්ලෙන් විදුලිය ලබාදීමට කටයුතු කර ඇතැයි ද වාර්තා වෙයි. විශේෂයෙන්ම දැනට ජලයෙන් යටවී ඇති විදුලි උප පොළවල් ආශ්‍රිතව බෝට්ටු පැදීමෙන් වළකින් ලෙසද ඇමැතිවරයා ඉල්ලා සිටියේය.

No comments:

Post a Comment

Post Bottom Ad