පාසල් ගැන තීරණය විදුහල්පතිවරුන්ට පවරයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, May 29, 2017

පාසල් ගැන තීරණය විදුහල්පතිවරුන්ට පවරයි

ආපදාවට ලක්‌ වූ ප්‍රදේශයන්හි පාසල් පවත්වන්නේද නැද්ද යන්න තීරණය කිරීම අදාළ පාසල්වල විදුහල්පතිවරුන්ට පවරන බව අධ්‍යාපන අමාත්‍යාංශය ඊයේ (28) නිවේදනය කළේය.

ආපදාවන්හි බලපෑම සහ පවතින අවදානම කෙරෙහි අවධානය යොමු කර එම තීරණ ගත යුතු බවත් වසා තැබෙන පාසල පළාත් පාසලක්‌ නම් ඒ බව කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂ වෙත ද ජාතික පාසලක්‌ නම් ජාතික පාසල් අධ්‍යක්‍ෂ වෙත ද දන්වන ලෙසත් අධ්‍යාපන අමාත්‍යාංශය විදුහල්පතිවරුන්ට දැනුම් දෙයි.

මේ අතර පෙළපොත්, නිල ඇඳුම් සේම සෙසු අවශ්‍යතා ලබාදීම සඳහා ආපදාවන්ට ලක්‌ව සිටින පාසල් දරුවන් පිළිබඳ වාර්තාවක්‌ ලබා දෙන්නැයි අධ්‍යාපන ඇමැති අකිල විරාඡ් කාරියවසම් මහතා නිලධාරීන්ට උපදෙස්‌ දී ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad