උතුරුමැද පළාත් සභාවේ බලය තම මහ ඇමැතිවරයෙකු යටතේ ඉදිරි සතිය ඇතුළත ඒකාබද්ධ විපක්‌ෂ කණ්‌ඩායමට ලබා ගන්නා බව එ.ජ.නි.ස අනුරාධපුර දිස්‌ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඒකාබද්ධ විපක්‌ෂයේ දිස්‌ත්‍රික් නායක එස්. එම් චන්ද්‍රසේන මහතා පැවසීය.
හෙතම මේ බව කියා සිටියේ අනුරාධපුර කුරුන්දන්කුලමේ සිය නිවසේ ඊයේ (11දා) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්‌වෙමිනි. එහිදී තවදුරටත් අදහස් දැක්‌වු එස්. එම්. චන්ද්‍රසේන මහතා මෙසේද කියා සිටියේය.. උතුරු මැද පළාත් සභාවේ සෞඛ්‍ය අමාත්‍ය කේ. එච්. නන්දසේන මහතා පෙරේදා (10 දා) ඉවත් කළා. ඊට පස්‌සේ විශාල අර්බුදයක් පැනනැඟිලා තිබෙනවා. උතුරුමැද පළාත් සභාව තුළ. කේ. එච් නන්දසේන මහතා අස්‌කිරීම හේතු කොට ගෙන හිටපු මහ ඇමති එස්. එම් රංජිත් සමරකෝන් මහතා සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්‌වී තිබෙනවා.
ඊට අමතරව තවත් ඇමැතිවරු කිහිප දෙනෙක් යම් යම් තීන්දු ගන්න ලෑස්‌තිවෙලා ඉන්නවා. ඒ වගේම පෙරේදා දිනයේ ඒකාබද්ධ විපක්‌ෂයේ දිස්‌ත්‍රික් නායකයා හැටියට, පළාත් සභාවේ එක්‌සත් ජනතා නිදහස් සංධානයේ වගේම ඒකාබද්ධ විපක්‌ෂයට සම්බන්ධ පළාත් සභවේ බහුතරයක් මගෙ නිවසට රැස්‌වෙලා ස්‌වාධීනව සිටිය යුතු බවට තීන්දු කළා. පළාත් සභාව හැදිලා තියෙන්නේ මන්ත්‍රිවරු 33 දෙනෙකුගෙන්. ඒ අයගෙන් බහුතරය ස්‌වාධීන සිටියයුතු බව කරුණු ඉදිරිපත් කළා.
ස්‌වාධීන වෙනව පමණක් නොවේ ඊට පස්‌සේ මන්ත්‍රීවරු යෝජනා කළා බහුතරයක් ඉන්න අපේ ඒ පිරිස වෙනුවෙන් පළාත් සභාවේ මහ ඇමතිවරයෙක් පත් කරන්න අවශ්‍යයි කියා. ප්‍රජාතන්ත්‍රවාදය අනුව පාර්ලිමේන්තු ක්‍රමය අනුවත් ඒ වගේම ආණ්‌ඩු ක්‍රම ව්‍යවස්‌ථාව අනුවත් බහුතරයක් කැමති කෙනෙක් තමයි පාර්ලිමේන්තුවේ අගමැතිවරයා වෙන්නෙත් පළාත් සභාවේ මහඇමැතිවරයා බවටත් පත් වෙන්නෙත්. මේ න්‍යාය ඒ වගේම ව්‍යවස්‌ථානුකූලව ඒ කටයුත්ත කරන්න ඉල්ලීම කළා.
ඒ අනුව අපි ඉතාම කෙටි කාලයකින් ඒ සඳහා ආණ්‌ඩුකාරයා වෙත ඒ ඉල්ලීම බහුතර මන්ත්‍රිවරුන්ගේ කැමැත්ත මත කරන්න අපි බලාපොරොත්තු වෙනවා. අද එදා තිබුණ තත්වය නෙවෙයි. උතුරුමැද පළාත් සභා මැතිවරණය 2012 පැවැත්වූවේ. 2012 පවත්වලා ජයග්‍රණය කරන්න මූලිකව කටයුතු කරපු කෙනෙක් විදියට මම කණගාටු වනවා 105000ට වැඩිය ඡන්දය ගත්ත එස්. එම් රංජිත් මගේ සහෝදරයා මහ ඇමතිකමින් අස්‌කළා. ඒ මහඇමතිකම ගන්න අපි ප්‍රජාතන්ත්‍රවාදීව විශාල කැපවීමක් කළා.
ඒ අවස්‌ථාවේදී අපේ රජයේ අපේ පක්‌ෂ නායකයෝ අපිට දැන්නුවා එකම පවුලේ දෙදෙනෙකුට ඇමැති තනතුරු දෙන්න බෑ එක්‌කෙනෙක් ඉල්ලා අස්‌වෙන්න කියලා. ඒ අනුව උතුරුමැද පළාතේ අනුරාධපුර දිස්‌ත්‍රික්‌කයේ ජනතාව මගෙන් ඉල්ලීම් කළා අපි වැඩි ඡන්දයක් ලබා දුන්නේ රංජිත් මහඇමති කරවන්න, එහෙමනම් ඔබතුමා ඉල්ලා අස්‌වෙන්න කියලා. ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදයට හිස නවලා මම එදා කැබිනට් ඇමැති තනතුරෙන් ඉවත්වෙලා තමයි ප්‍රජාතන්ත්‍රවාදය හා ඉල්ලිම තහවුරු කරන්න කටයුතු කළේ.
අපි එහෙම කටයුතු කරද්දී යහපාලන ආණ්‌ඩුව බලයට එනවත් එක්‌කම නොයෙකුත් බලපෑම් කරල 105000 ඡන්ද ගත්ත මහඇමතිවරයා අයින් කරලා ඡන්ද තිස්‌දහස් ගණනක් ගත්ත පොලොන්නරු දිස්‌ත්‍රික්‌කයේ දෙවැනියට තුන්වැනියට පමණ ආපු කෙනෙක් තමයි මහඇමති කමට පත් කළේ. අපි ඒකත් ඉවසා දරාගෙන හිටියා. "අපි මහඇමති තනතුර ඉල්ලනවා ඒක ලබා නොදුන්නොත් උතුරුමැද පළාතේ ජනතාව ගිහින් පළාත් සභාව වටලලා ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය ලබා ගන්න අපි ලෑස්‌තියි. අපි සතියක් ඇතුළත මේ ක්‍රියාමාර්ග ගන්නවා.
සියලුම මන්ත්‍රීවරු මගෙන් ඉල්ලීමක් කළා අපි ඉතාම කඩිනමින් අපේ කණ්‌ඩායමට මහ ඇමැති තනතුර ඕනෙ. ඒ සඳහා ලිතව හා වාචිකව කරන්න ඕනෑ, ඒ සියලුම ඉල්ලීම් ප්‍රජාතන්ත්‍රවාදීව සිදු කරනවා." පොළොන්නරුවේ හා අනුරාධපුර දිස්‌ත්‍රික්‌කයේ සිටිය මන්ත්‍රීවරුන්ගේ බහුතර බලය ඉදිරි දින කිහිපය තුළ අත්සන් සහිතව මාධ්‍ය වෙත ලබා දෙන්න කටයුතු කරනවා. ඊළඟ මහඇමැති කවුද කියා තාම තීරණය කරලා නෑ. අපේ කණ්‌ඩායම රැස්‌වෙලා ඒ තීන්දුව ගන්නවා.පුද්ගලයා නොවෙයි අපිට තිබෙන ප්‍රශ්නය, බහුතරයට මහ ඇමැති කෙනෙක් ලබා ගැනීමයි.
අනුරාධපුරයේ හොඳම තත්වය තමයි අනුරාධපුරයට එක ඇමැතිවරයෙක් දුන්නා. අපේ ඇමැතිවරු අස්‌කරපුවම ඒ ඇමතිකම් ගන්න අපේ කිසි කෙනෙක් නෑ.අද ඇමතිකම් පස්‌සෙන් එලව එලවා දෙන්න වෙලා තියෙන්නේ යහපාලන ආණ්‌ඩුවට. එදා ඇමැතිකම් ගන්න නායකයො පස්‌සේ යනවා නොයෙකුත් දහදුක් විදිනවා පස්‌සෙන් ගිහින් ඇමැතිකම් ගන්නේ. අද නායකයන්ට පස්‌සෙන් ගිහින් දෙන්න වෙලා තිබෙනවා. නමුත් මන්ත්‍රීවරු එහෙමවත් ඇමැතිකම් ගන්න සුදානම් නැතැයිද එස්. එම් චන්ද්‍රසේන මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
දිවයින
Friday, May 12, 2017
තවත් සතියකින් උතුරු මැද බලය අල්ලන්න ඒකාබද්ධ විපක්ෂය සූදානම්!
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment