උවමනාවක් තිබුනේ නම් පාලකයා වෙන්න තිබ්බා විනය විරෝධි වැඩ කර පුරුද්දක් නැ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, May 1, 2017

උවමනාවක් තිබුනේ නම් පාලකයා වෙන්න තිබ්බා විනය විරෝධි වැඩ කර පුරුද්දක් නැ

උවමනාවක් තිබුනේ නම් තමනට එකල පැවති බලය යොදවා එක රැයකින් කොළඹ වටලා රටේ බලය අල්ලාගෙන පාලකයා වීමේ හැකියාක් තිබුනේ වුවත් තමනට එවන් විනය විරෝධි වැඩ කර පුරුද්දක් නැති බව ප‍්‍රාදේශීය සංවර්ධන ඇමති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා සදහන් කරයි.

තමන්ගේ නව තනතුර ගැන ඇමති ජෝන් සෙනෙවිරත්න බිය වී ඇතැයිද කී ඇමති ෆොන්සේකා ඇමති ජොන්, හිටපු ආරක්‍ෂක ලේකම්වරයාගේ හිතවතෙක් නිසා ඔවුන්ට පහර වදී යයි බියෙන් සිටින බවද පැවසීය. ජනාධිපතිවරයා තමනට අලූත් තනතුරක් යෝජනා විහිළුවට යයි ඇමති එස්බී දිසානායක විසින් කරන ලද ප‍්‍රකාශක් සම්බන්දයේන අදහස් පල කරමින් ඔහු කියා සිටියේ ඇමතිවරයෙක් ලෙස එස්.බී. දිසානායකට තමන් ගෞරව කලද ඔහු තමන්ගේ සියලු දේ විහිලුවක් කරගෙන ඇති බවත් ඔහු ජීවිතයේ එක් වතාවකදීවත් ගැඹුරින් සිතා කටයුතු කළ යුතු බවයි.

මෙවන් අය කරන ප්‍රකාශ ගණන් ගත යුතු නැති බවත් ඇමතිවරයා වැඩි දුරටත් පැවසීය.

No comments:

Post a Comment

Post Bottom Ad