ලෝක කම්කරු දිනය අදයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, May 1, 2017

ලෝක කම්කරු දිනය අදයි

ලෝක කම්කරු දිනය අද(01)ට යෙදී තිබේ. ලෝක කම්කරු දිනය අදයිවර්ෂ 1886දී පැය 08ක වැඩ දිනයක් ඉල්ලා කම්කරුවන්  පිරිසක් චිකාගෝ නුවරදී ක්‍රියාත්මක කළ අරගලය සිහි කිරීම සඳහා මැයි මස 01 වනදා ලෝක කම්කරු දිනය ලෙස  එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ප්‍රකාශයට පත් කර තිබේ.

ඒ අනුව ලොව පුරා වැඩකරන සියලු ජනතාව අද(1) දිනය තම අයිතිවාසිකම් සම්බන්ධයෙන් පාලක අවධානය යොමු කිරීම සඳහා යොදා ගන්නා අතර මෙවර ශ්‍රී ලංකාවද 90 වැනි වරට මැයි දිනය සමරයි. ලෝක කම්කරු දිනය වෙනුවෙන්  සුබ පැතුම් එක් කරන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පෙන්වා දෙන්නේ නූතන ප්‍රජාතන්ත්‍රවාදී සමාජ ව්‍යුහයේ තීරණාත්මක බලවේගය ලෙස කටයුතු කරන වැඩ කරන ජනතාව මෙරටට ප්‍රජාතන්ත්‍රවාදය දිනා ගැනීමේ අරගලයේදී තීරණාත්මක කාර්යය භාරයක් ඉටු කළ බවය.

තම වෘත්තිය අයිතිය සහ වරප්‍රසාද ශක්තිමත් කර ගන්නා අතර රටේ සමස්ත ආර්ථික ක්‍රියාවලිය මත මෙන්ම ලෝක ප්‍රවණතාවයට ද සංවේදී වෙමින් වඩාත් වගකීම් සහගත බලවේගයක් ලෙස වැඩකරන ජනතාව ක්‍රියා කරනු ඇතැයි ජනාධිපතිවරයා විශ්වාසය පළ කරයි. මිනිස් නිදහස හා කම්කරු අයිතිය වෙනුවෙන් දිවි දුන්, මොරදුන් , දහදිය කදුලු දුන් ලොව පුරා සියලු කම්කරු ජනතාව වෙත ගෞරවාචාරය පළ කරන බව ජනාධිපතිවරයා තම නිවේදනයෙන් දක්වා ඇත.

මැයි දින පණිවුඩයක් නිකුත් කරන අග්‍රමාත්‍ය රනිල් වික්‍රසිංහ මහතා පවසන්නේ සමස්ත ලෝකට රදා පවතින්නේ වැඩකරන ජනතාවගේ දහදිය ශ්‍රමය මත බවය. කම්කරු ජනතාවට නිසි ගෞරුත්වය ලැබෙන, දේශිය අභිවෘද්ධිය උදෙසා ස්වකීය කාර්යය භාරය ඉටු කිරීමට පසුබිම සැකසෙන, ඔවුන්ගේ ශ්‍රමයට වටිනාකමක් ලැබෙන යහපත් අනාගතයක් වෙනුවෙන් සංවාදමය, සම්මුති මත මැදිහත්විමකට මෙවර මැයි දිනය අවස්ථාවක් කර ගත යුතු බව අග්‍රමාත්‍යවරයා පෙන්වා දෙයි.

ලෝක කම්කරු දිනයේ අයිතිය එහි සතුරන්ගෙන් බේරා ගැනීමේ සටනක් වැඩකරන ජනතාව ඉදිරියේ පවතින බව ජනතා විමුක්ති පෙරමුණ සිය මැයි දින පණිවුඩයෙන් පෙන්වා දෙයි. නව සමාජයක් වෙනුවෙන් වැඩකරන ජනතාවගේ පාලනයක් වෙනුවෙන් සංවිධානය විම හැර අන් විකල්පයක් වැඩකරන ජ නතාව ප්‍රමුඛ පිඩිත ජනතාව වෙනුවෙන් ඉතිරි වී නොමැති බව ජනාතා විමුක්ති පෙරමුණ පවසයි.

No comments:

Post a Comment

Post Bottom Ad