ඉරාකයේ බෝම්බ ප්‍රහාර මාලාවකින් 50කට අධික පිරිසක් මරුට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, May 20, 2017

ඉරාකයේ බෝම්බ ප්‍රහාර මාලාවකින් 50කට අධික පිරිසක් මරුට

ඉරාකයේ සිදුවූ කාර් බෝම්බ ප්‍රහාර මාලාවකින් පුද්ගලයින් 50 කට අධික පිරිසක් මියගොස් තිබෙනවා. බැග්ඩෑඩ් සහ බස්රා යන නගර කේන්ද්‍ර කර ගනිමින් මෙම බෝම්බ පිපිරීම් සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වුණේ.

බස්රා ප්‍රදේශයේ අධිවේගී මාර්ගයක මාර්ග බාධකයක් ආසන්නයේ එක් පිපිරීමක් සිදුව ඇති අතර ඊට කිලෝමීටරයක පමණ ඈතින් අනෙක් පිපිරීම සිදුව තිබෙනවා. එහිදී පුද්ගලයින් 33 දෙනෙකු මියගොස් ඇති බව සදහන්.

දකුණු දිග බැග්ඩෑඩ් නුවර මාර්ග බාධකයක් ආසන්නයේ සිදුවූ තවත් කාර් බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයින් 19 දෙනෙකු මියගොස් ඇති අතර, 25 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල වැඩිදුරටත් සදහන් වන්නේ.

No comments:

Post a Comment

Post Bottom Ad