දිවයිනට නැගෙනහිර සහ ගිනිකොණ දෙසින් වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල තද වැසි හෝ ගිගුරුම් සහිත වැසි සහ තද සුළං ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයිනට ගිනිකොණ දෙසින් පවතින ක්‍රියාකාරී වලාකුලු පද්ධතිය මීට හේතුවයි.
දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝමීටර් 60 ත් 70 ත් දක්වා වැඩිවිය හැකි බැවින් එම මුහුදු ප්‍රදේශ වටින් විට ඉතා රළු විය හැකියි. මේ සම්බන්ධයෙන් විමසිලිමත් වන ලෙසටයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර සහ නාවික ප්‍රජාවට දැනුම් දෙන්නේ.
දිවයින හරහා විශේෂයෙන් මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල විටින් විට හමන පැයට කිලෝමීටර් 50 දක්වා වන තද සුළං ද ඇතිවීමේ හැකියාවක් පවතිනවා. මේ අතර බස්නාහිර / සබරගමුව / දකුණ / මධ්‍යම සහ වයඹ පළාත්වල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවනවා. ඇතැම් ස්ථානවල මිලිමීටර් 50 කට වඩා තද වැසි ද ඇතිවිය හැකියි.
ඌව පළාතේ සහ මඩකලපුව දිස්ත්‍රික්කයේ තැනින් තැන සවස 2 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
Saturday, May 20, 2017
ඉදිරි පැය 24 තුළ කාලගුණයේ වෙනසක්
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment