බස්නාහිර 42ක් මහින්දට ස්වාධීන වේ.. ඉසුරටත් සන්ධාන බහුතරය අහිමිවේ.. පුටුව රැකගන්න එජාපයට වැද වැටෙන්න වෙයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, May 20, 2017

බස්නාහිර 42ක් මහින්දට ස්වාධීන වේ.. ඉසුරටත් සන්ධාන බහුතරය අහිමිවේ.. පුටුව රැකගන්න එජාපයට වැද වැටෙන්න වෙයි..

ඒකාබද්ද විපක්‍ෂය නියෝජනය කරන බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රීවරුන් 42 දෙනෙක් ස්වාධීන කණ්ඩායමක් ලෙස කටයුතු කිරීමට තීරණය කර ඇත.

මන්ත‍්‍රීවරුන් 38 දෙනෙකුගේ සහභාගීත්වයෙන් කඩවතදී පැවති හමුවකදී ඔවුන් මෙම තීරණය ගෙන ඇත. මන්ත‍්‍රීවරුන් 104ක් සහිත බස්නාහිර පළාත් සභාවේ සන්ධානයට මන්ත‍්‍රී ධුර 59ක් හිමිය.

ස්වාධීන වූ 42 දෙනෙ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට සෘජුව සහාය දැක්වීමත් සමග මහ ඇමති ඉසුර දේවප‍්‍රියට සන්ධානයේ බහුතරය අහිමි වන අතර පනත් සම්මත කර ගැනීම ආදී කටයුතු සදහා ඔහුට අනිවාර්යෙන්ම එජාපයේ සහාය පැතීමට සිදු වෙයි.

No comments:

Post a Comment

Post Bottom Ad