ත්‍රිරෝද රථයක් අඩි 40ක ප්‍රපාතයකට පෙරලෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, May 29, 2017

ත්‍රිරෝද රථයක් අඩි 40ක ප්‍රපාතයකට පෙරලෙයි

හැටන් - කොළඹ ප්‍රධාන මාර්ගයේ වටවල කුයිල්වත්ත ප්‍රදේශයේදි අද (28) පස්වරුවේ ත්‍රීරෝද රථයක් අඩි හතලියක් ප්‍රපාතයට පෙරලි තිබෙනවා. ත්‍රීරෝද රථය පෙරලීමෙන් රියදුරා බරපතල ලෙස තුවාල ලබා වටවල රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.

වටවල සිට හැටන් දක්වා ධාවනය වු මෙම ත්‍රිරෝද රථය ඉදිරියට ධාවනය වු ලොරි රථයකට ඉඩ දිමට යාමේදී ලිස්සා ගොස් මෙම අනතුර සිදුවි ඇති බවයි සඳහන් වන්නේ. මේ දිනවල පවතින අයහපත් කාළගුණයත් සමඟම ප්‍රධාන මාර්ග ලිස්සන සුළු බැවින් එම මාර්ගවල වාහන ධාවනය කිරීමේදී සෙමීන් හා සැලකිලිමත් ලෙස රිය ධාවනය කරවන ලෙසයි අනතුර පිළිබද පරීක්ෂණ පවත්වන වටවල පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ. 



No comments:

Post a Comment

Post Bottom Ad