ගංඟාවල ජල මට්ටම් පහළට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, May 29, 2017

ගංඟාවල ජල මට්ටම් පහළට

කැළණි, කළු, ගිං, නිල්වලා ගංඟාවල ජල මට්ටම් මේ වනවිට අඩුවෙමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. එහෙත් නිල්වලා ගඟ පිටාර ගැලීම නිසා ගං වතුර තත්ත්වයක් පැවති පානදුගම සහ ඌරාව යන ප්‍රදේශවල තවමත් ජලය බැස ගොස් නොමැති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම අද (29) උදෑසන වනවිට කැළණි ගෙඟ් නාගලගං වීථිය ජල මාපකයේ ජල මට්ටම සටහන්වී තිබුණේ අඩි අඩි 3.5 ක් ලෙසයි. රත්නපුර ප්‍රදේශයේ ස්ථාපිත කර ඇති ජල මාපකයට අනුව කළු ගෙඟ් ජල මට්ටම මීටර 7.25 ක් සහ පුටුපාවුල ප්‍රදේශයේ මීටර 6.72 ලෙස සටහන්ව තිබුණා. මේ අතර අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් බිඳ වැටීමට ලක්වූ විදුලි සැපයුමද මේ වනවිට යථා තත්ත්වයට පත් කරමින් පවතිනවා. 


කෙසේ වෙතත් රත්නපුර ප්‍රදේශයේ විදුලි බිඳවැටීම ප්‍රතිසංස්කරණය කිරීම අසීරු වී ඇති බවයි විදුලිබල අමාත්‍යාංශය සඳහන් කළේ. අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ප්‍රදේශ රැසක ජල සැපයුමටද බාධා  එල්ලවී තිබෙනවා. මාතර - කාකදුව පොම්පාගාරය ඇණහිටීම හේතුවෙන් රන්න, හුංගම, තංගල්ල, යන ප්‍රදේශවල ජල සැපයුමට බාධා එල්ලවී ඇති බව සඳහන්. කෙසේ වෙතත් රත්නපුර ප්‍රදේශයේ ජල සැපයුම මේ වනවිට සියයට 85 ක් යථා තත්ත්වයට පත්කර ඇති බවයි ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපති ඒ. ඊ. අන්සාර් කියා සිටියේ.

කෙසේ වෙතත් හානියට පත්වූ මාර්ග යථා තත්ත්වයට පත් කිරීමේ වැඩසටහනක් මාර්ග සංවර්ධන අධිකාරිය ආරම්භ කර තිබෙනවා. මේ අතර ගංවතුර තත්ත්වය හේතුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම සිට දොඩංගොඩ දක්වා වූ කොටස තවදුරටත් වසා දමා තිබෙනවා. කැළණි ගඟ පිටාර ගැලීම හේතුවෙන් අවහිරව තිබූ බියගම - කොළඹ මාර්ගයේ ගමනාගමන කටයුතු යථා තත්වයට පත්ව තිබෙනවා.

දැනට ආරක්ෂිත ස්ථානවලට පැමිණ සිටින ජනතාවට පවතින තත්ත්වය හමුවේ නැවත දැනුම්දෙන තුරු නිවෙස් කරා නොයන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි ඉල්ලීමක් කළා.

No comments:

Post a Comment

Post Bottom Ad