එජාප ගංවතුර ආධාර මෙහෙයුම – Meliza Leitch යටතට! (PHOTOS) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, May 29, 2017

එජාප ගංවතුර ආධාර මෙහෙයුම – Meliza Leitch යටතට! (PHOTOS)

ජාතික ආපදා තත්වයක් ඇතිවී තිබෙන අවස්ථාවක පීඩාවට පත්ව සිටින ජනතාවට සහන සැලසීමට පක්ෂයක් වශයෙන් නිසි යාන්ත්‍රණයක් සකස් කරගැනීමට අපොහොසත්වීම නිසා පසුගිය සමයේදී මෙරට සමාජජාලා තුල දැඩි ලෙස කතා බහට ලක්වූ Meliza Leitch යොදාගනිමින් ආපදා සහන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට එක්සත් ජාතික පක්ෂය කටයුතු කර තිබේ

ඒ අනුව අද දිනයේදී ඇය ආධාර එකතු කිරීමේ වැඩසටහනකට සම්බන්ධ වී තිබේ. එක්සත් ජාතික පක්ෂයේ ප්‍රභල අමාත්‍යවරයෙකුගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු සමඟ ඇය මෙම ආධාර එකතු කිරීමේ වැඩසටහනට සම්බන්ධ වූ අතර ලේක් හවුස් ඇතුලු එක්සත් ජාතික පක්ෂ පරිපාලනයක් සහිත මාධ්‍ය ආයතන වලින් මෙම කටයුත්ත සඳහා පුලුල් ප්‍රචාරයක්ද ලබාදී තිබේ.

ආපදා සහන සේවා සඳහා එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් මැදිහත් වී සිටිනුයේ පාලිත තෙවරප්පෙරුම අමාත්‍යවරයා පමණි.





No comments:

Post a Comment

Post Bottom Ad