29 වතාවක් පැරදුණ නායකයෙක් පුම්බයි …එජාපයේ මැයි රැලියට සියළු වියදම් බැදුම්කර මංකොල්ලයේ මුදල් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, May 1, 2017

29 වතාවක් පැරදුණ නායකයෙක් පුම්බයි …එජාපයේ මැයි රැලියට සියළු වියදම් බැදුම්කර මංකොල්ලයේ මුදල්

එක්සත් ජාතික පක්ෂ මැයි රැලිය කැම්බල් පිටියේ පැවැත්වීමට සූදානම් කර ඇති අතර ඒ සදහා වියදම් කරමින් සිටින්නේ බැදුම්කර මගඩියේ හා ගල් අගුරු වංචාවේ මුදල් විය හැකි බවට එම පක්‍ෂයේ දකුණු පළාත් සභා හිටපු මන්ත‍්‍රී මෛත‍්‍රී ගුණරත්න චෝදනා කරයි.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ මෛත්‍රි ගුණරත්න ,

“29 වතාවක් පරාද වෙච්ච නායකයෙක් නැවතත් මේ රටේ ජනතාවට අළෙවි කිරීම සදහා කොහෙන්ද මේ මුදල් ?මේ මුදල් ලැබුණේ මහ බැංකු බැදුම්කර සල්ලි වලින්ද ?ගල් අගුරු සල්ලි වලින්ද ?මේ ආණ්ඩුව විශාල ලෙස දූෂණ වංචා කරනවා .ඒ මුදල් වලින්ද මේ සල්ලි ලබුණේ කියන එක ජනතාවට ප්‍රශ්නයක්.එක්සත් ජාතික පක්ෂයට මහ ලොකු මුදලක් තිබුණේ නෑ බැංකු ගිණුම්වල.


නමුත් ආණ්ඩු බලය ලැබුණාට පස්සේ කොහෙන්ද මේ පක්ෂයට මෙතරම් මුදලක් ලැබුණේ ?මේ මුදල් වියදම් කරන්නේ කම්කරුවන් වෙනුවෙන් නෙමේ.එක නායකයෙක් පුම්බලා ඒ නායකයා බලයට ගේන්න තමා මේ හදන්නේ.අපි තරයේ විරුද්ධ වෙනවා.මේ වගේ මුදල් නාස්ති කරලා ,මේ මුදල් කාබාසිනියා කරලා මැයි දින සමරනවාට.මොකද මැයි දිනය කියලා කියන්නේ මේ රටේ වැඩකරන ජනතාවගේ දවස.”


No comments:

Post a Comment

Post Bottom Ad